Thursday, June 9, 2011

ශාන්තයගෙ තවත් සෝචනීය අවසානයක්

මේක පොඩිම පොඩි සීන් එකක්, අපෙ බුවෙකුට තමයි වෙලා තියෙන්නෙ කියන හැටියට, අර ශාන්තයා, මගෙ පොලිස් රාත්‍රිය කතාවෙ ඉන්නේ, ඕන්නම් ඒකත් මෙතනින් බලල එන්නකෝ බුව තමයි මෙතන පොර. ඔන්න දවසක් මූ අලුතෙන් උසස් අධ්‍යාපනෙ හදාරන්න ගිය මුගෙ ඉන්ස්ටිටියුට් එකේ යාලුවෙක්ගෙ ගෙදර ගියාලු, මේ ෆ්ස්ට් ටයිම් විසිට් එකලු, ඉතින් ඔන්න මූ යාලු බුවාගෙ ගෙදර ගියාම දැකල පුරුදු මූනක් තියන ෆොටෝ එකක් තියනවාලු සාලෙ. හොඳට බැලුවාම රටෙ නම ප්‍රසිද්ද කලාකාරයෙක්, හැබැයි අමරදේව මාස්ටර්/ජෝ/රවින්ද්‍ර වගේ ප්‍රබුද්ධ බුවෙක් නම් නෙවේලු. මොකක්ද ෆීල්ඩ් එක කියලවත් කියන්න බෑ මීට වඩා එක අකුරක් ලියන්නෙ නෑ කව්ද කියලා. ඔන්න ඊට පස්සෙ උන දෙබස් ටික. අවසානයනම් සෝචනීයයි..

ශාන්ත : ඒ, උඹලට පිස්සුද බන්
යාලුව : ඇයි බන්
ශාන්ත : සිරාවට උඹලට පිස්සුද මේ යකාගෙ ෆොටො රාමු කරල එල්ලන් ඉන්න
යාලුව : යකෝ.. කෑගහන්න එපා, ගෙදර උන්ට ඇහෙයි, ඒ අපේ තාත්ත බන්.

මම කිව්වෙ අවසානය හරිම සෝචනීයයි කියල

10 comments:

  1. පව් අෆ්ෆා,
    "අවසානය හරිම සෝචනීයයි" හිතාගන්න පුලුවන්

    ReplyDelete
  2. ඒ කියන්නෙ තාත්ත රටේ නම ගිය කෙනෙක්.........ද

    අවසානය හරිම සෝචනීයයි :D

    ReplyDelete
  3. හික්ස්,,,,අනිත් එකත් කොල්ලෙක් නිසා හොදයි ඔයින් ගියා..

    ReplyDelete
  4. ඇඩෙනවා...............

    ReplyDelete
  5. අයියෝ මම හොඳටම දන්න මට කවදාවත් මුනට හම්බවෙන්නේ නැති එකෙකුටත් ඔහොම වුනානේ. ඔන්න දවසක් බුවා පල්ලි ගියා. පස්සේ පුජාව එහෙම ඉවර වුනාම ඉතින් කොල්ලෝ කරන්නේ කව්ද පල්ලි අවේ කියලා රෙජිස්ටරේ මාක් කරන එකනේ. මොනවා වුනත් පල්ලි අවේ නැත්නම් ස්වර්ගෙට(heaven) යන්න දෙන්න බැනේ. ඒ පල්ලියේ හිටපු ගැණු ළමයි ඔක්කම ස්වර්ගේ යන්න හෙනම කැමති කට්ටිය. ඇවිල්ල නම මාක් කරගෙනමයි යන්නේ. ඔන්න බුවත් කෙල්ලෝ බල බල(රෙජිස්ටරේ මාක් කරන) ඉන්න වෙලාවේ දැක්කා අදුරන කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන යනවා. කොල්ලා ටිකක් වයස පාටයි. බුවා ටක්ගාලා ළඟ හිටපු එකෙකුට තට්ටුවක් දාලා කිව්වා, "මචන් අර කොල්ලා නිකන් අරකිගේ තාත්තා වගේනේ බන්. මේකිට ඇස් පෙන්නේ නැද්ද මන්ද ඔයවගේ එකෙක් එක්ක යාලුවෙන්න." යාලුවගෙන් අසාමාන්‍ය සද්දයක් අපු නිසා බුවා යාළුවා දිහා බැලුවා. අනේ විපතක මහත !!! අර කෙල්ලගේ අයියයි, කොල්ලගේ මල්ලි මොනවත් කර කියා ගන්න දෙයක් නැතුව මූ දිහා බලන් ඉන්නවා. කොල්ලෝ සෙට් එකම තකබීරි වෙලා මු අරුන් දෙන්න ඉස්සරහ කියපු කතාවට. දෙන්නම මුගේ හෙනම යාලුවෝ !! කතාව එතනින් එහාට ශෝචනීයි.

    ReplyDelete
  6. maru kathawa :-)

    ReplyDelete