Tuesday, May 31, 2011

පොලෝසියෙ රැයක් හා තවත් බෝනස් ආතල් කතා

ඔන්න දවසක් මගේ යාලුවො සෙට් එකට පින්සිද්ද වෙන්න මම #### පොලොසියෙ රැයක් ගතකරා.. අපෝ කූඩුවේ නෙවේ, අර මගෙ ඉතින් ඊට පස්සෙ... වෙච්ච දේවල්  කතාවෙ වගෙ පොලිස් මෙස් එකෙත් නෙවේ, නිකම්ම පුටුවක් උඩ, ඔන්න අදාල සීන් එකයි, තව පොඩි අතුරු කතායි මම කියන්න යන්නෙ.
ඔන්න දවසක් අපි, මමයි, අපේ චමියයි, ශාන්තයයි පොඩි ටුවර් එකක් ගිහින් එනවා, මතක හැතියට අපි පොඩි සොට් එකකුත් දාන් හිටියෙ, ආවෙ ශාන්තගෙ බයික් එකේ, පොලෝසියට අහුවෙයි කියන බයට අපි පොඩි අතුරු පාරවල් වලින් ආවෙ, මෙන්න මෙහෙමයි බයික් එකේ සන්යුතිය, මම බයික් එක පදිනවා - නෝ හෙල්මට් , ශාන්තය හෙල්මට් එකක් දාගෙන මට පිටිපස්සෙ ඉඳගෙන, ඊට පස්සෙන් චමිය ඉන්නවා - උටත් නෝ හෙල්මට් , බයික් එකක් පදින්න නීත්‍යානුකූලව අවශ්‍ය දෙවල් වලින් අපි ලඟ තිබ්බෙ බයික් එකයි, අරු දාගෙන හිටපු හෙල්මට් එකයි විතරයි, නො ලයිසොන්, නො ඉන්සුරන්ස්.
අම්මෝ කරුමෙ කියන්නෙ, එදා පොලිස් බුවාල අතුරු පාරක ඉඳන් සර්ච් එක. අපි මාට්ටුයි, ඇත්තටම බුවාල හිටියෙ ඔය මල් කාරයො, කුඩු කරයො වගෙ උන් අල්ලන්න. ඒත් ඉතින් අපි තුන් දෙනා දැක්කම බුවාලට මල පනින්නැති නහුතෙට, ඇයි ඉතින්, තුන්දෙනෙක් ඩබල් දාල (හික්ස්) මදිවට, පදින එකා නෙවෙයි, මැද ඉන්න එකා හෙල්මට් එකක් දාගෙන ඉන්නකොට.
 ඔන්න ඉතින් බටර් ගාන්න හදනකොට, අපෙ චමිය දැම්ම ලොකු ටෝක්ස් ටිකක්, අරූගෙ මල දැන් පැනල බේරි බේරි යනව බිම දිගේ. සොරි ඩොට් කොම්, අන්තිමෙ වැඳල වැඳල  ශේප් කරගත්ත, බයික් එකේ ලයිසොන් ඉන්සුරන්ස් ගෙනාවොත් බයික් එක රිලීස් කරල දෙන්නම් කියන ලෙවල් එකට. අරුන් දෙන්නට කිව්ව ගිහින් ඒව අරන් එන්න කියලා. අරුන් ඔක්කොම ඉවර උනාට පස්සෙ, ඒ කියන්නෙ එදාට ඇතිවෙන්න ජීප් එක පිරෙන්න පොරවල් අල්ලගත්තට පස්සෙ, මට කිව්වා බයික් එක අරන් ජිප් එක ඉස්සරහින් පොලෝසියට එන්න කියලා. මොනා කරන්නදා, මමත් ඉතින් පොලිස් ජීප් එකට ගාඩ් එක දීගෙන ගියා.
ඔන්න ඔහොමයි එදා රෑ මම රෑ ගත කරන්න පොලොසියට චෙකින් උනෙ.
මේව අතුරු කතා, ඇයි අපේ බුරුවො දෙන්න එනකම් මම එලිවෙනකන් පොලිසියෙනේ, එතකොට වෙච්ච සීන්, මේක පලාතෙ මුලස්තාන පොලීසියක් හරිද
. ආතල්ම එක තමා මට වෙච්ච සීන් එකක්, 3ට දාල තියෙන්නෙ ඒක.

කතා 1
ඔන්න පොලිස් සෙට් එකක් එක්ක නිකන් බුවෙක් එනව, ශෝටක් විතරයි ඇඳන් ඉන්නෙ, එක අතකින් ප්ලාස්ටික් බෝතල් 3ක් එල්ලගෙන, අනිත් අතෙන් තව බොතල් 2ක් කිහිල්ලෙ ගහගෙන, වෙල් ෆැන්ට බුවෙක් මාට්ටු වෙලා. මූ ආව ඇතුලටම නිකන් ගෙදර වගෙ, ඇහුව පොලිස් පොරකගෙන්,

බුව: කොහෙද අද මේව තියන්නෙ,
පොලිස් බුව: ඇන්ට්‍රි පොත් කබඩ් එක ලඟින් තියපන්,

ඔන්න මූ ගෙදර ඇතුලෙ වගෙ ගියා කබඩ් එකක් ලඟට, ඒ කියන්නෙ මූ දන්නව පොලොසිය ඇතුලෙ තියන අල්මාරි කබඩ් පවා.. තිබ්බ බෝතල් ටික, කෙල්ලින්ම ගියා කූඩුව ලඟට, කූඩුවෙ ඉබ්බව බැලුව, පස්සෙ කියනව,

බුවා :සර්, මෙක ලොක් කරලනෙ
පොලිස් බුවා : ඔහොම හිටපිය, මම වැඩක්.

අනේ ටිකකින් මෙන්න බුවා ලොක් එකට වැලමිට තියාගෙන, කූඩුවෙ උලුවස්සට හෙත්තු වෙලා, බර කයියක් ඇතුලෙ ඉන්නෙ එකෙක් එක්ක.


කතා 2
දැන් රෑ12ට විතර, චමියයි, ශාන්තයයි තාම නෑ, මම උන්ට බැන බැන් ඉන්නවා. ඔන්න හෙන සද්දයක් ඇහෙනව අර කූඩුව ඇතුලෙන්,

බුවෙක් : කාටද ඩෝ කන්න ඕනෙ, කියපිය
(නො සද්ද )
අර බුවාම : කියපන් ඩෝ..
(දැන් කවුරුවත් මුකුත් කියන්නෙ නෑ, මම හිතුව දැන් එකෙක් මැරෙයි තමයි කියල.. ඒත්... )
අර බුවාම : කියපියවු යකෝ, කඩේ වහන්න කලින් ගේන්න ඕනේ.

කතා 3
දිග වැඩිද මන්දා කතා සෙට් එක.. ඔන්න ඔහෙ මේකත් කියන්නම්, දැන් රෑ 1-2 විතර, ඔන්න පොරක් ආවා පොලිසිය ඇතුලට, පොලිස් බුවෙක් නෙවෙ, පොන්ටින් කට් එකක් කපල, ශෝටකුයි, ට්-ශර්ට් එකකුයි ඇඳගෙන, බුවා කෙලින්ම ආව පොලොසිය ඇතුලට, වටපිට බැලුවා,

ඇලුත් බුවා : කවුද මෙතන ප්‍රසා කියන්නෙ.
(මට නිකන් කරන්ට් වැදුන වගෙ, යකො මගෙ නමනෙ මූ කියන්නෙ, කෝකටත් වටපිට බැලුව, ම්හු, මමම තමයි, හිතා ගන්න බෑ මොන හෙනයක්ද කියල )
මම : මේ මම

ඇලුත් බුවා : ආහ් ඔයාද, මම  xxxx කඩේ අහවලා ඔයාගෙ යාලුවො එලියෙ ඉන්නවා, මේක දෙන්න කිව්වා,

මට මාර ආතල්, දැන් ඉතින් ඔය ලයිසොන් පෙන්නල යන්න පුලුවන්නෙ, එහෙම හිතල කවරෙ ඇතුලෙ බැලුවාම තමයි, මට අරුන්ව මරාගෙන කන්න හිතුනෙ, එකේ ඇතුලෙ තියනව, මදුරු කොයිල් එකකුයි, ගිනි පෙට්ටියකුයි.

15 comments:

  1. හික්ස්....... පට්ට සීන් එක....... :D

    ReplyDelete
  2. බස් එකේ සොරෝගේ Add එකකින් මේ පැත්තේ ආවේ... පට්ට කතා ටික. "කාටද ඩෝ කන්න ඕනෙ, කියපිය" තමයි පට්ටම සීන් එක.
    ඔන්න මාත් එලවන්න ගත්තා.ජය වේවා !!
    ප.ලි. මේකේ තියන කතා මතක තියාගෙන ගිහින් මල ගෙවල් වල නයිට් ගහද්දි කිව්වට අව්ලක් නෑ නේද????

    ReplyDelete
  3. එලාස්නේ බං... අනේ උඹ තව පාරක් පොලෝසියට මාට්ටු වෙය... තව කතා ටිකක් අහගන්න පුළුවන්.

    ReplyDelete
  4. හයියෝ. හිනා වෙලා පණ යනවා..

    ReplyDelete
  5. ඒක ඇත්ත. තව පාරක් පොලෝසියට මාට්ටු වෙයං....... :)

    ReplyDelete
  6. මාත් ආවේ සොලෝ අයියගේ බස් එකේ ලින්ක් එක දැකල......ශෝක් යාලුවෝ දෙන්නා......ආයේ පාරක් පොලෝසිය ඇතුලට ගියා නම් නරකද.....

    ReplyDelete
  7. පොලීසියෙන් කෑවමලුනෙ බඩ පිරෙන්නේ...හික්ස්..මරේ මරු

    ReplyDelete
  8. මාත් සෝරෝ අයියගෙ ඇඩ්එකෙන් ආවෙ. හික්ස් නියම යාලුවො..

    ReplyDelete
  9. එල එල, සිරාවට ස්තූතියි ඔයාලගෙ කොමෙන්ටුවලට. මචන්ලා, අඩේ මොකක්ද බන් මෙ බස් සීන් එකයි, සෝරෝ ඒකෙ දාපු ඇඩ් එකයි. සොරෝ, මචන් තෑන්ක් කස්ටියට මේ පැත්ත පෙන්නුවාට. සිරාවට මේ බස් සීන් එකයි, ඇඩ් සීන් එකයි ගැන කවුරුහරි දාන්නකො.

    ReplyDelete
  10. ඔක්කොටම වඩා උඹේ යාලුවො දෙන්න ආතල්නෙ බන්... :D

    ReplyDelete
  11. ඉකේ කැත සීන් එක, කොයිල් එකක් දීලා උන් දෙන්නා මාරු,
    සිරා කතා සැට් එක

    ReplyDelete