Friday, March 11, 2011

එලාම් සහ සිම්පල් ප්ලෑන්..

මේ සීන් එක උනේ මම ඔෆිස් එකේ වැඩකට රට ගිය වෙලාවක. මෙහෙම ඔෆිස් එකෙ ගෝත කර්ම වලට රට ගියාම අපිට සාමන්යයෙන් ඔෆිස් එකෙන් එපර්ට්මෙන්ට් එකක් සෙට් කරනවා, මේ සීන් එක වෙච්ච ටුවර් එකෙදි මාත් එක්ක තව පොරක් හිටිය එක එපාර්ට්මන්ට් එකේ.  ඌ මට කලින් ගිහින් ලොකුම රූම් එක අල්ලගෙන, ඔක්කොම ඕන කරන බඩුත් රූම් එකටම අරගෙන (සල්ලි දීල නෙමේ, එපාර්ට්මන්ට් එකේ තිබ්බ ඒව). ඔන්න ටික දවසකට පස්සෙ මු ෆ්‍රිජ් එක දෙකට බෙදුව,

"මචන් මගෙ කෑම උඩ තට්ටු දෙකේ, උඹ යට දෙකට දාපන්. ඩී-ෆිශර් කෑල්ල ෂෙයර් කරමු".ඔන්න ඔහොමයි බුවා, තව රස කතා එමටයි, ඔක්කොම දැම්මොත් මාව මාට්ටු වෙනව හතර වටේට.

හරි දැන් කියන්න යන සීන් එක මේකයි, කිව්වෙ නිදාන කතාව, හරිද.

මම හැමදාම එහෙ රෑ 11-12 විතර ලංකවෙ උන්ට අප්ඩේට් එකක් දෙනව, මොකද අපෙ උන් ඔෆිස් එන්නෙ 9 විතර (අපිට පැය 11 ක විතර ගැප් එකක් තිබ්බා). ඉතින් මම උන්ට කෝල් එක ඉවර වෙලා නිදා ගන්නෙ 1-2 විතර, ගෙදරට කෝල් කොරොත් තවත් පැයක් වත් කෙලවෙල නිදා ගන්නෙ.  ඉතින් මම උදේට නැගිටින්නෙ ඔෆිස් යන්න ඔන්න මෙන්න කියල එලම් එක තියල. අර මිස්ටර් බීන් ලෑස්ති වුනා වගෙ තමයි මාත්, ඉතින් ඔහොම ටික දවසක් යනකොට මට තෙරුනා පොඩි අවුලක්, මම නැගිටින කොට හැමදාම අනිත් බුවා බාත් රූම් එකේ. ඉතින් ඌ එනකම් මම ලකා ගහගෙන ඉන්නව. මේකා ලෑස්ති උන ගමන් ඌ යනව, මම ලේට්.

ඔන්න දවසක් මොකක් හින්දද මන්දා මට එලාම් එකට කලින් ඇහරුනා, මම ඒත් නැගිටින්නැතුව ඇඳේ පෙරලි පෙරලි හිටියා කම්මැලි කමට. ඔන්න ටිකකින් මගෙ එලාම් එක (ඔරලෝසුවෙ හරිද )වැදුන. එතකොටම මට ඇහෙනවා, අරූගෙ කාමරෙ දොර ඇරෙන සද්දෙ, ඒ ගමන්න ඇහෙනව බාත් රූම් එක දොර වැහෙන සද්දෙ. ඔන්න මගෙ ටිකිරි මොලේට ට්‍රිගර් උන මෙතන වෙන සීන් එකක් වෙනව කියල. පස්සෙ මම ඊලඟ දවස් දෙකේදිත් අමාරුවෙන් නැගිට්ටා එලාම් එකට කලින්. වැඩේ හරි, මූ කරන්නෙ උදේම නැගිටල උගෙ නෙට් යන වැඩයි, කෝල් කරන එවයි කරනවා. හැබයි මගෙ එලාම් සද්දෙට මූ ටක් ගාල බාත් රූම් දුවනව මට කලින්.
යකෝ, මේක මාර කෙලියක්නෙ, මොකද කරන්නෙ කියල හිතනකොට ආව අදහසක්, හිටපන් පුතා දෙන්නම් තොට ජම්බු කියල ඊලඟ දවසෙ ඉඳල ප්ලෑන ගැහුව. අනේ ඊට පස්සෙ ලොකු අවුලක් නෑ, ඌ ගිහින් ඇවිත් විනාඩි 10-15 පස්සෙ මම බාත් රූම් ගියත් මට පරක්කු නෑ.

මම කරේ, මගෙ එලාම් එක වෙනද වෙලාවට වඩා විනාඩි 45 කලින් තියනව. ඕක වැදුන ගමන් අරූ දුවනව, මම ඒක ඕෆ් කරල ආයි නිදා ගන්නව. ඩොලර් ශොප් එකකින් ගෙනාව චූටි එලාම් එකක් සෙට් කෙරුව හරි වෙලාවට.

මේ මමත් සංග වගෙ නේද, සිම්පල් ප්ලෑන් නෙ.

7 comments:

  1. මම නම් කරන්නේ උඹ කරාට වඩා සෑහෙන්න වෙනස් දෙයක්.......... :D

    ReplyDelete
  2. මචන්,මම අද තමයි මේ බ්ලොග් එක දෑක්කේ.!!!

    ඔක්කොම කතා කියෙව්වා.නියමයි.කදිමට ලියල තියෙනවා.!!!

    දිගටම ලියන්න.හෑම කතාවකටම කොමෙන්ට් කරන්න බෑරි උනත් අද ඉදලා මම මෙක නොවරදවාම බලනවා.....

    ආ තව එකක් උඹත් ගියේ අපේ කුරුදුවත්තේ ඉස්කෝලෙටම ද?

    ReplyDelete
  3. ආපෝ ඔය වගේ එවුන් ඉන්නව හෑම තෑනම මචන්. මටත් තියෙනවා ඔය වගේම අත්දෑකීම් ගොඩක්
    ඕකුන්ට කියන්ඩ නමක් හොයනව තාම හම්බු උනේ නෑහෑ

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  4. සෝට් ඇන්ඩ් ස්වීට් කරලා තියන වැඩේ නම්..........

    ReplyDelete
  5. @සෝරෝ, හෙහ් හේ.. මටත් හිතුන නිකන් පු.. මහල බඩයන්න බේතක් වත් දෙන්න, නිකන් ආයි මොකටද කියල හිතුනා...

    @ ඇනෝ... ඔව් ඔව් මචන්..

    @අළුත් කොල්ලා, උන්ට කියන්න නමක් නෑ බන්..

    @කල්හාර, එල, තෑන්ක්ස් මචන්..

    ReplyDelete
  6. කුරුදුවත්තෙ කිව්වෙ රාජකීය කස්ටියද? නැත්තන් රාජකීයයන්ගෙ බෙස්ට් ෆ්‍රෙඩාලද?
    මමනන් රාජකීයන්ගෙ බෙස්ට් වලටත් වඩා හෙන ෆිට් පොරක් ;)

    ReplyDelete
  7. මෙහෙම එකෙක් (එකියක්) මගෙත් එක්කත් රූම් එකක හිටියා.. සාමාන්‍යයෙන් අන්තිමට නිදාගන්න කෙන තමයි ලයිට් එක ඕෆ් කරන්නෙ.. හැමදාම මම වැඩ කරලා ඉවර වෙලා නෙට් එක දාලා බාත් රූම් ගිහින් එනකොට නෙට් එකත් දාගෙන නිදි වගේ ඉන්නව... මම බාත‍් රූම් යනකන් ම වැඩ.. මට ඉතින් හැමදාම ලයිට් එක නිවලා කරුවලේ හැප්පි හැප්පි ගිහින් ඇඳට නගින්න වෙනවා...

    ReplyDelete