Tuesday, December 21, 2010

කුල්ල සර්ගෙන් තව ආතල් එකක්

කාලෙකට පස්සේ නම් නෙවේ මේ පොස්ට් එක දාන්නේ, මාර කාලෙකට පස්සේ. ඇයි කියල නම් අහන්න එපා. ඒක තව ආතල් එකක්.

හරි, අදත් මම අපේ කුල්ල සර් ගැන තව පොඩි කතාවක් කියන්නම්කො.
ඔන්න ඒකාලෙ, ඒ කියන්නෙ අපි උසස් ලෙස අධ්‍යාපනය ලබන කාලේ මුල මෙක උනේ. මොන හේතුවකට හරි ඒ දවස් වල අපෙ පන්ති තිබ්බෙ සයන්ස් සෙක්ශන් එකෙ අර උඩට උඩට ඩෙස් තියන හොල් එකක. පිටිපස්සෙම ඉන්න උන් ඉන්නෙ බිම ඉදන් මීටර් දෙකක් විතර උඩින්. උන් එකෙ දිගා වෙලා නිදගත්තත් සර් ලට පෙන්නෙ නෑ.


ඉතින් ඔය වගෙ චාන්ස් තියනකොට දන්නවනෙ ලමයි අතිරේක පෙල පොත් කියවනවනෙ දනුම වැඩිකර ගන්නයි ඇහෙ කලු බෝලෙ ලොකු කරගන්නයි. ඉතින් මේ කියන දවසෙත් අපෙ එකෙක් පිටිපස්සෙම පෝලිමට වෙලා එහෙම සගරාවක් කියවනවා (හරි වචනෙ මම හිතන්නෙ "බලනවා" ).

අපෙ කුල්ල සර් උගන්නනවා. අපෙ යාලුව කකුල් ඩෙස් එක යට තියාගෙන පොත බලනව. ඔහොම ඉද්දි එක පාරටම සර් ලතාවට හැරිල, ලතාවට ඇන්ගිල්ල දික්කෙරුව පස්සෙම පේලියට. දික්කරල කිව්වා..

ආ.... මම දැක්කා.... මම දැක්කා... කියල.

දැන් ඔක්කොම හොල්මන්, ඔය පොතක් මාට්ටු කියන්නෙ ඉතින් ඉවරයිනෙ. ඊට වඩා හොදයි පාරෙ අයිනෙ ඉන්න කෙල්ලො දිහ බල බල ගිහින් කානුවකට වැටෙන එක. එතන නෝන්ඩි විතරයි, මෙතන නෝන්ඩි + පෝරියල්. බල බල හිටපු උන් රත් වෙලා... ඕව හිත හිත ඉන්නකොට සර් කියපි වාක්‍යයෙ ඉතුරු ටික..

මම දැක්කා.... ඔයා ඈනුමක් ඇරිය නේද.. යන්න යන්න ගිහින් වතුර ටිකක් බීලා එන්න..

එතකොට නම් කස්ටියට සර්වත් මරාගෙන පොතත් තෙලේ බැදගෙන කන්න හිතුනා.

5 comments:

  1. :D අයියෝ සර් ගම කාලානේ .. ඒ පස්සෙ ටික නොකියා හිටියානම් කොහොමද ?

    ReplyDelete
  2. අපොයි ඔව්, අර පොත බලපු ආතල් එක කෑව මදිවට ෆ්‍රී ඔෆ් චාජ් බයිටුත් උනා.

    ReplyDelete
  3. අපිත් හිටියෙ ඔය පන්තිවල නොවැ! එල එල

    ReplyDelete
  4. මේ සර් නම් අදහන්න වටිනවා :D

    ReplyDelete
  5. maara cse1 api english potha athulee thiyana baluwa wagee bn! :D

    ReplyDelete