Friday, May 14, 2010

අපි නුවර-එලිය යටත් කර ගත් හැටි...

මේ ඔන්න අදත් පොඩි සීන් එකක් කියන්න යන්නෙ. හැබැයි පොඩි කොන්දෙසියක්... අනේ උඹල කවුරුහරි මේ කියන කතාවේ කස්ටියගෙ නම් ගම් නම් කොමෙන්ටුවල දාන්න එපා.. මේ nadeesthoughts ඔයාට තමා මම වැඩිපුරම කියන්නේ :) හික්ස්..

අපි A/L කරන කාලෙ පොඩි පොඩි ට්‍රිප් ගියානෙ. මේ කියන ට්‍රිප් එක ගියෙ නුවර-එලියට. ඉතින් අපි පන්තියෙ සෙට් එකයි, අපේ ****** සර් රුයි තමා ට්‍රිප් එකෙ කස්ටිය.

ඉතින් ආ.. යන ගමන් වෙච්ච් දේවල් තව පොස්ට් එකකින් කියන්නම්, ඉතින් අපිත් බොහෝම සාමකාමීව සින්ඩු කියාගෙන නුවර-එලියට ගියා. අපි ඉතින් ගිහින් හවස නාලා කාල ආව ටවුන් එකේ ඇවිදින්න. ඔන්න ඉතින් අපෙ
සර් රුත් ආවා අපිත් එක්ක.

සර් දන්නව ඉස්කොලෙදි මොන ජල්බරි දාගත්තත්, අපි හොඳ ලමයි කියල. ඉතින් සර්, සර් ගෙ ෆුල් කොමාන්ඩින් ඇක්සන්ට් එකෙන් කිව්වා...

මේ, දැන් ඔය ගොල්ලො ගිහින් ඇවිදලා, හරියටම ෂාප් 9 ට හරියටම මෙතනට එනවලා. අනන් මනන් බෑ. හරි.

ඒ කිව්වෙ පොස්ට් ඔෆිස් එක ඉස්සරහට. අපිත් අර මුක්කුද වගෙ මරු උනා, මාර චාන්ස් නෙ. කොහොම කොහොම හරි 9 නෙවේ 8 වෙද්දිම මුලු ටවුන් එකම කරුවලයි. දැන් ඔක්කොම කඩ වහනවා. අපිත් හිමින් හිමින්
කෑම-බීම ඉවර කරල ගියා සර් කියපු තැනට. දැන් එකා දෙන්න මතු වෙනව එක එක පැතිවලින්, එත් සර් නෑ.

ඔන්න සර් එනවා *** **** ***** *******, දැන් පට්ට කරුවලයි, යන්තම් පොඩි ලයිට් එකක් තියනව පොස්ට් ඔෆිස් එක ඉස්සරහා. සර් අවා..

මේ... අයිෂේ..... මේ.... ඔක්කොම ඉන්නවද?

ඔව් සර්, ඔක්කොම ඉන්නවා.

හ්ම්.. එහෙමද, එහෙනම් කට්ටියම පෝලිමක් හැදෙනවා.

අනෙ මන්දා, බල්ලෙක් වත් ටවුමෙ නෑ. පට්ට කරුවලයි, ඒත් ඉතින් ඔන්න අපි ඔක්කොම පෝලිමක් හැදුනා, හරියටම ටවුම මැද.

සර් අර ආමි එකේ පැරේඩ් එකක වගේ, ගියා එක කොනක ඉදන් අනිත් කොනට, ආයි ගියා අනිත් කොනට, ඊලගට ආවා පෝලිමේ මැදට, ඇවිල්ලා එක අතක් මිට මොලවල ඉහලට ඔසවලා කිව්වා,

අයිෂේ... දැන් මේ මුලු නුවර-එලියම අපේ.

ඔන්න ඔහොමයි කවුරුත් නැති වෙලාවක අපි නුවර-එලිය යටත් කරගත්තෙ.

7 comments: