Monday, May 10, 2010

පුසා කොන්දොස්තරට වැදීම..

හරි, අද මම තව පොඩි කතාවක් කියන්න යන්නේ, පොඩිම පොඩි කතාවක් උනාට වෙච්ච බයිට් එකනම් එවරස්ට් කන්ද සයිස්.

මේත් ඔය අපි A/L කරන කලේ වෙච්ච සීන් එකක්. ඔන්න දවසක් අපි සෙට් එක පොඩි වලක් බහින්න සෙට් උනා, දන්නවනේ, කවුරු හරි ගෝතයෙක් මොකක් හරි අදහසක් දාපු ගමන්ම, අපිත් ඉතින් අනේ බෑ කියලා පැනල
සෙට් වෙනවනෙ.

ඉතින් අපි අදහස දාපු එකාටත් පින් දීලා, ඉක්මනටම ඉස්කොලේ ඇරිල (සමහරු ඕකට හින්දියෙන් කියන්නෙ School cut කරනව කියල, අනේ මන්දා ) ගියා "අහවල්" නගරය කිට්ටුව පොඩි ඇල්ලකට, නාන්නයි, තිබහට
මොනවහරි බොන්නයි (සෝඩා හරිද, වෙන මුකුත් නෙවේ ). මේ ඇල්ල තියෙන්නෙ පොඩි රබර් වත්තක් මැද්දෙ,

අපි සෙට් එකක්ත් ගිහින් අපෙ පාඩුවේ අපෙ රජකාරි පටන් ගත්තා, ඉතින් එක ගිනි කෙලියයි, නානව, සෙට් වෙනවා, සින්දු කියනවා, මාර ෆන්.

දන් අපි ඔක්කොම හරි ගානට, එතකොට අමලයා කියනවා..,

ඒයි මචාන්ස්.. අර බලපන්කෝ.. කොලපාට මිනිස්සු ටිකක්..

මුටනම් පිස්සුද මන්දා, ඇයි දෙයියනේ සුදු හරි කලු හරි කිව්වනම් හිතන්නවත් තිබ්බා, කොලපාට මිනිස්සු... දැන් මුට වැඩියි වගේ, වතුරෙවත් ඔබල ගන්න ඕනේ, සෙට් එකේ අදහස් ගොඩයි.

ටිකකින්..... හෆෝයි... මූ කියලා තියෙන්නෙ ඇත්තනේ, කොල පාට මිනිස්සු අපි ලගටම ඇවිත්, උන්ගෙ අතෙ බැජ් එකක ගහන් ඉන්නවා, ශ්‍රී ලංකා පොලෝසිය කියලා. කොහෙ දුවන්නනද, හිට ගන්නෙත් අමරුවෙන්.

ඉතින් අපි සෙට් එක අහු උනා, එතන මාර ආතල් කතාවක් තියනවා, එක පස්සෙ කියන්නම්, හැබැයි අපේ පූසායි, අකිලයයි පෙන්න නෑ. බලනකොට උන් දෙන්නා ඈත දුවනවා පේනවා. උන් බේරුන කියල අපි හිතුවට, පස්සෙ
දැන ගත්තේ පොලොසියට අහු උනානම් හොදයි කියල.. මොකද දන්නවද..

... ඉතින් ඩබල දුවගෙන කෙලින්ම මහ පාරට ගිහින්, එතකොටම ආපු බස් එකේ එල්ලිලා, හොද වෙලාවට කොලබ යන එකක්, නැග්ග ගමන්ම, පූසා වැන්දලු කොන්දට, අනේ බුදු අයියෙ, අපිව පොලොසියෙන් පන්නනවා,
මෙච්චරයි තියෙන්නෙ, අපිව ගිහින් දාන්න, කියල සාක්කුවේ තිබ්බ සල්ලි ටික දුන්නලු.

දැන් මිනිස්සුත් බලනවා, ඒ මදිවට, class යන කෙල්ලො සෙට් එකක් අන්තිම සීට් එකේ ඉදන් කින්ඩියක හිනාවෙනව..

ඒ ඔක්කොම හරි, ඊලගට කොන්දා කියපි.....
-
-
-
-
-

ආ.. මල්ලිල ඉතුරු සල්ලි...


හෆෝ.. මේ නරි දෙන්නා, කොන්දොස්තර අය්යට වැදලා තියෙන්නේ, අතේ වැඩිපුර සල්ලි තිබිල තියෙද්දි..

11 comments:

  1. ඒ බස් එක ආවෙ ජිංගිරියෙ ඉඳලද?

    ReplyDelete
  2. කොලපාට මිනිස්සු :D :D
    එල

    ReplyDelete
  3. malli horanada?

    ReplyDelete
  4. හික් හික් කොල පාට මිනිස්සු පට්ට කතාව. ඉතින් කොල පාට මිනිස්සු මොකුත් කලේ නැද්ද උබලට

    ReplyDelete
  5. මට නම් පාසැල් කාලෙනුත් සුන්දරම කාලෙ තමයි උසස් පෙළ කරපු කාලෙ. මේ කතා කියවද්දි මමත් ඒ කාලෙට ඇදගෙන යනව වගෙ.

    ReplyDelete
  6. @ nadeesthoughts : අදනම් වැරදුනා පුතෝ.. ඔයා ඔය කියන්නෙ "උඩගම" ගැන නේද? අපි එහෙත් ගිහින් තියනවා, එතනත් මාර පොට් එක නේද? අපි එහෙ යනකොට මගදි රා ගන්නවා, හිස් බෝතල් නැති හින්දා දාගෙන යන්නෙ අර රුපියල් 10 කලු පාට ටියුලිප් බෑග් වල. දාගෙන බෑග් එක එල්ලගෙන යනකොට පාරෙ ඉන්න බල්ලොවත් සැක හිතන්නෙ නෑ මේ රා කියල.

    @ Anonymous : හ්ම් :)

    @පිස්සා පලාමල්ල : මොකෝ නැත්තේ, මම කිව්වෙ එතන මාර ආතල් කතාවක් තියනවා, මම එක කියන්නම්කො

    ReplyDelete
  7. මම ජිංගිරිය කිව්වෙ ඉංගිරියට.

    ReplyDelete
  8. මචන් ඇනෝ, මම උඹේ කොමෙන්ට් එක ඩිලිට් කරා, ඒත් ඒකෙ තියන නම් අයින් කරල (xxx දාල ) මම ආයි පොස්ට් කරනවා, උඹ කවුද කියල හින්ට් එකක් දාපන්, මම ඔතන හිටියා වෙන පෝස්ට් එකකින් ඉතුරු සීන් එකත් දාන්නම්... උඹත් හිටියනම් එතන්දන්නව ඇතින දන්නව ඇතිනෙ වෙච්ච දේවල් ඊට පස්සෙ..... හේ හෙ, හිට්න් එකක් දාපන්, මම කතා කරන්නම්.

    =====================
    Anonymous said...

    මේක උනේ xxxxx. අල්ලගෙන ගියෙ xxxx පොලිසියට.මෙතන උඹ හිටියද කියන එකනම් සැකයි......
    March 21, 2011 12:33 AM
    =====================

    ReplyDelete
  9. ඔන්න උඹේ අලුත් post එකට මම පොඩි comment එකක් දැම්මා.මම හිතන්නෙ මම දැන් උඹව දන්නවා....

    ReplyDelete
  10. හික්ස් කොළපාට මිනිස්සු.. ඇත්තට එහෙමද පෙනුනේ.. ඉතිං ඔයාලටත් දුවන්නනෙ තිබුනෙ.. :D

    ReplyDelete
  11. මේ භුමී ලක්ශන අනුව හොරන ඈල්ල කන්ද.. මම හරිය..

    ReplyDelete