Friday, April 30, 2010

අපේ පියෝ සර්

හරි දැන් මේ කියන්න යන්නෙ තවත් පොඩි කතාවක්. මේකත් උනේ අපේ සෙට් එකේ එකකුට, එකකුට කියන්නේ, සිරාම සිරාම එකෙකුට, ඒ කියන්නෙ මට වෙච්ච දෙයක්.
ඔය කියන කාලේ මම ජොබ් කරන්න ගත්ත අලුතම, මම ඉතින් ක්‍රමලේඛකයෙක් (සින්හලෙන් ප්‍රොග්‍රැමර්) විදියට වැඩ කරනවා පොඩි විදේශීය සමාගමක.
දවසක් මොන වැඩකටද මන්දා (මතක නෑ ) ඔෆිස් එකේ ටික දෙනෙක් එක්ක මම බස් එකේ යනවා, අනේ...


අනේ... මම දකිනවා.... අපිට ඉස්කොලෙදි පියෝ උගන්නපු සර් කෙනෙක් (කෙනෙක් කියල කිව්වෙ අපෙ ඉස්කෝලෙ A/L වල හැම subject එකකටම ගුරුවරු දෙන්නෙක් ඉගැන්නුවා ), අපේ කුලසිංහ පියෝ සර්, අපි නම් ආදරේට කිව්වේ කුල්ලා කියලා.

කුල්ලා සර් හරිම හොදයි, බොහෝ..ම තැන්පත්, කතා කරන්නෙ, ඇවිදින්නෙ ලතාවට, කලාවට හරියට දාසයක දාහතක කෙල්ලෙක් වගෙ (කටහඩ විතරක් පොඩි කොල්ලෙක්ගෙ වගේ ),
හැබැයි පියෝ වලට මාරයා, එතකොට නියම පුරුශයෙක්, මම හිතන්නෙ Albert Einstein වඩා දශමයක් දෙකක් සර් ගෙ මොලේ අඩුයි, සර් ගෙ ගෝලයෝ වන අපි සර් ට වඩා අසු කෙල කෝටියක් මොලේ අඩුයි )

අනේ ඉතින් සර් ව දැක්කම මමත් ඉතින් කතා කරා, අපෙ බුදු සර් නෙ, අපි කොච්චර නිදාගත්තත් පන්තියේ, සර් අපෙ නින්ද කඩුවෙ නෑ.
ඉතින් දැන් මම සර් ලගට ගියා, ගිහින් බස් එකෙ කියල බැලුවේ නෑ ආයුබොවන් කියලා කතාව පටන් ගත්තා.
ඉතින් සර් මගෙ පොඩි පොඩි විස්තර අහලා.... (හපෝයි ) ඊට පස්සෙ..

සර් : ඉතින් ඉතින්... දැන් මොකද කරන්නේ, දැන් ජොබ් එකක් එහෙම කරනවද?

මම : ආ ඔව් සර්

සර් : මොනවද කරන්නෙ?

(සර් ඉතින් පියෝ රජා උනාට, ක්‍රමලේඛකය ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල, තෙරෙන බාසවෙන් මම උත්තර දුන්නා )

මම : සර් මම පොඩි computer firm එකක වැඩ කරනවා.

සර් : (සුසුමක් හෙලා, බොහෝම අහිංසකව ) අනේ හොදයි, හොදයි, ඒ කාලේ කරපු වැඩ වල හැටියට ඕකත් ලොකු දෙයක්නෙ, නේද?

හපෝ දෙවියනි ඔබ කොහිද.. මුලු බස් එකම මගෙ දිහා බලනවා, අපේ ඔෆිස් එකේ කොල්ලො කෙල්ලො ටික කටින් සහ අනිත් තැනින් දෙකෙන්ම හිකි හිකි ගානවා. බස් එකේ නැතුව බිම හිටියනම් පොලොව පලාගෙන ගිහින්, සහරා කාන්තාරෙන් මතුවෙලා, එකේ ඉන්න ගොනුස්සෙක් කවාගෙන මැරෙනවා. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.


ප/ලි : අනේ ඔයාල සර් එක්ක තරහ වෙන්න එපා, සර් එහෙම කිව්වෙ බොක්කෙන්මයි

8 comments:

  1. ඉස්කෝල කාලෙ කරපු දේවල්වල හැටියට සමහර ගුරුවරු ගෝලයො ජීවත්වෙලා ඉන්නවා දැක්කහමත් සතුටුවෙයි.

    අර රේස් කෝස් එක ඉස්සරහ ඉස්කෝලෙ නේද ඉගෙනගත්නෙ..

    ReplyDelete
  2. හිහ්....
    අපිට නෑනෙ ඉතින් ඔහොම කැලෑස් එකේදි හීන බලන්න..... :( :( :(
    බැලුවොත් ඉතින්.... ******

    ReplyDelete
  3. ඉස්කෝලෙ ඉබේම අහු වුණා නේද?
    කමක් නෑ! කමක් නෑ!!......
    අපෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  4. @ nadeesthoughts හපෝයි දෙය්යනේ, නම් ගම් ඔක්කොම වෙනස් කරලත්, ඉස්කොලේ හොය ගත්තෙ කොහොමද? මෙ අනේ තරහ වෙන්නෙ නැත්නම්, මම ඔයගේ comment එක වෙනස් කරන්නද? පස්සෙ පස්සෙ කියන්න තියන කතා වල හැටියට, මට නෙවෙ ඉස්කොලේට තමා වහ බොන්න වෙන්නෙ හිහ්.

    @හා පැටික්කි (MS) අපෝ ඒ අතින් කුල්ලා සර් දෙවියෙක්, ගෙදරදි අම්මවත් ඔහොම නිද ගන්න permision දෙන්නෙ නෑ

    @blog gadol ඔව් බන්, මාර වැඩේ, එක පාරටම අහු උනානෙ. අනෙ මන්දා

    ReplyDelete
  5. කියන්න තිබ්බෙ International firm එකක software engineer කෙනෙක් හැටියට වැඩ කරනවා කියල නේ. මගෙ බොසා කියල තියෙන්නෙ ලොකෙ කවුරු මොන දේ හැදුවත් වැඩක් නැහැ හොඳට Market කරන්න බැරි නම් කියල. Its a Marketing World. You should be able to Market your self thats the key.

    ReplyDelete
  6. මගෙ කොමෙන්ටුව වෙනස් කොලාටනම් අවුලක් නෑ...හික්..
    ආයිබෝං කියන්නෙයි දෙන්නෙක් උගන්නන්නෙයි වෙන අවහල් ඉස්කෝලෙද?

    ReplyDelete
  7. royal eke porak neda :D

    ReplyDelete
  8. Uba ape royal eke kollek neda :D ela ela

    ReplyDelete