මේ කතාව දාන්න මතක් උනේ මගෙ පුසා කොන්දොස්තරට වැදීම.. කතාවට වැටිච්ච කොමෙන්ට් එකක් හින්දා... අපේ සෙට් එකේ හිටපු බුවෙක් හරි සීන් එක දන්න බුවෙක් කොමෙන්ට් එක දාල තිබ්බා මම ඔය සීන් එක වෙලාවෙ එතන හිටියද කියල.. ඉතින් ඔන්න එකේ ඉතුරු කෑල්ලකුත් දානව..
ඉතින් මේ කතාව අර කතාවෙ පාර්ට් ටු හින්දා අරක බලල එන්න.
ඔන්න ඉතින් අරු දෙන්න දිව්ව.. පොලෝසියෙන් අපිව අල්ල ගත්තා. අල්ල ගත්ත කිව්වට අල්ල ගත්තෙම නෑ, ඒක උනේ මෙහෙමයි..
ඔන්න පොලොසියෙ අන්කලා අපිව ජීප් එකට පටවනවා... ඔය අතරෙදි..
පොලොසියෙ අන්කල් කෙනෙක් : මෙ උඹලගෙ ඉස්කොලෙ මොකක්ද?
අපි :
පොලොසියෙ අන්කල් කෙනෙක් : කියපන් , මොකක්ද ඉස්කොලේ?
අපි :
පොලොසියෙ අන්කල් කෙනෙක් : තොපි කියනවද? නැද්ද?
නලිය : අපි aaaaaaaaaa එකෙ
එතකොට මෙච්චර වෙලා ජීප් එක වාඩි වෙලා හිටපු ලොකු පොලිස් බුවා ඔලුවෙ අත ගහ ගත්ත..
ලොකු පොලිස් බුවා : කෑව.. කෑව අයිසෙ ඉස්කොලෙ.. ම්ම් නගිනව, යන් මන් bbbbbb ටවුමෙන් දාන්නම්.
අනේ, ලොක්ක අපේ ඕල්ඩ් බොයි කෙනෙක්, මොන නව නිංගිරාවක් අර අනිත් පොලිස් සෙට් එක ඉස්සරහා..
අපිටත් දැන් ෆ්‍රී ටුවර් නේ, ඔන්න අපි ටවුමට යනකොට පත වැස්සක් සෙට් උනා.. දැන් මොකද කරන්නෙ... ඒ මදිවට අපෙ එකෙක් ටිකක් වැඩිවෙලා කර්පට් වෙලා හිටියෙ
ලොකු පොලිස් බුවා : මේ, වැස්සෙ තමුසෙලාට යන්න බෑනෙ අරයවත් අරන්, වැස්ස පායනකන් අපේ මෙස් එකට වෙල ඉන්නව. (මෙස් එක කියන්නෙ පොලිසියෙ කස්ටිය නිදාගන්න, ඉන්න තැනක්)
ඔන්න ඉතින් අපි අපෙ වෙරි බුවාවත් අරන් ගියා, ඒත් අපිට සුවර් නෑ මූ මෙස් එක ඇතුලෙ කබ්බ දැම්මොත් පට්ට සොරි සීන් එකක්, ඒ මදිවට අපෙ හිතවත් බුවත් නෝන්ඩි වෙනවනේ, ඉතින් අපි පුටුවක් ඉල්ල ගෙන ඒක දොර ලඟින් තියල අරුව වාඩි කරා. දැන් බය නෑ, මූ කබරය දැම්මොත් වැටෙන්නෙ කෙලින්ම එලියට
අනේ.. එතකොටම, අරූ හෙන ලොරියක සද්දෙන් කාරල ගත්තා, කබ්බ නෙවේ, කෙල බෙට්ටක්, ඊට පස්සෙ ඔලුව උස්සල බැලුව, අනේ දොර ලඟ කනුව, අපි හිතුව දැන් දායි දායි කියල, කොහෙ, මු බැලුව පැත්ත, එහා පැත්තෙ පිලිවෙලට තියන ඇඳක්, දැම්ම එකට.. හෆෝයි.. අර ලොකු පොලිස් අන්කල් නැත්නම් අපි තාම ගුටි කනවා ඇදේ අයිතිකාර පොලිස් අන්කල්ගෙන්...
ප.ලි : දැනට ඔය ඇති, තව තියනව... ඔක්කොම ලියන්න ගියො මාගලක් වෙනව.. ලොක්ක අපිට යොගට් දුන්න අරුගෙ වෙරි බහින්න කවන්න, ෆමසියෙන් ගෙන්න බෙතකුත් කිව්වා අරුට දෙන්න, පොලිස් නෝනල දෙන්නෙක් මට පාර්ට් එකක් දාල ඉස්කෝලෙ අහනකොට අපෙ ෆිට් ලොක්ක මාව බේර ගත්ත, ඇත්තටම මාව නෙවෙ, ඉස්කොලෙ නමයි බේර ගත්තෙ, නැත්නම් බුවාටත් රෙද්දක් ඇඳන් ඉන්න බැරුව ඇති..
මෙහෙමයි, ලොකු ලොකු සීන් නෑ.. අපෙ එක එක සෙට්, එක එක වෙලාවලට ගත්ත පොඩි පොඩි ෆන් තමයි තියෙන්නෙ. සමහර විට ඔයාල අහයි පිස්සුද නැත්නම් හැටිද කියල, නැත්නම් මේ මොන විකාරයක්ද කියලා අහයි. තව්සන්ඩ් ඇපොලොජීස්..... අපිටත් හරියටම sure නෑ
Sunday, March 27, 2011
Monday, March 21, 2011
ලොකු අමාරුවක් නෙවේ පුතා..
මේ කතාව බොහෝම සූටි එකක්. මම කියල තියනවනේ, අපේ සෙට් වල එක එක ජාතියෙ ඩයල් හිටිය කියල. ඔහොම හිටපු එකෙක් තමා සේන කියන්නෙ. ඔකාගෙ තිබ්බ වෙනස තමයි, බුවා ෆුල් වෙජිටේරියන් ඩයල් එකක්, අපි වගෙ මස්ටේරියන් නෑ. ඒ කියන්නෙ ඌ කන්නෙ එලවලු විතරයි. හැබයි කරටි කැඩෙන්න බොනව. මම කිව්වෙ මුන් මහ අමුතුම මික්ස් පොරවල් කියල.
ඔන්න දවසක් මායි තව එකෙකුයි මොකක් හරි වැඩකට ගියා සේනයගෙ ගෙදර, යද්දි ඌ ගෙදර නෑ. ඔන්න අපි ඉතින් ඇහුව උගෙ තාත්තගෙන්, මෙන්න දෙබස් ටික ඒ විදියටම..
අන්කල්, සේන ඉන්නවාද?
ආ.. පුතා, සේන ගෙදර නෑනෙ, ඇයි හදිසියක්ද?
ආ.. නෑ අන්කල්, මෙ නිකන්, අන්කල් සේන කොහෙ ගිහින්ද?
සේන ගියානෙ පුතා aaaaaa හන්දියෙ bbbbb දොස්තර ලඟට, බේත් වගයක් ගන්න.
ඇයි අන්කල් සේනට අසනීප වෙලාද, අපි දන්නෙත් නෑනෙ...
ලොකු අමාරුවක් නෙවේ පුතා.. උගුරෙ මාලු කට්ටක් හිරවෙලා.. එකයි
(කොහොමද වෙජිටේරියන් කොලුවගෙ තරම )

Friday, March 11, 2011
එලාම් සහ සිම්පල් ප්ලෑන්..
මේ සීන් එක උනේ මම ඔෆිස් එකේ වැඩකට රට ගිය වෙලාවක. මෙහෙම ඔෆිස් එකෙ ගෝත කර්ම වලට රට ගියාම අපිට සාමන්යයෙන් ඔෆිස් එකෙන් එපර්ට්මෙන්ට් එකක් සෙට් කරනවා, මේ සීන් එක වෙච්ච ටුවර් එකෙදි මාත් එක්ක තව පොරක් හිටිය එක එපාර්ට්මන්ට් එකේ. ඌ මට කලින් ගිහින් ලොකුම රූම් එක අල්ලගෙන, ඔක්කොම ඕන කරන බඩුත් රූම් එකටම අරගෙන (සල්ලි දීල නෙමේ, එපාර්ට්මන්ට් එකේ තිබ්බ ඒව). ඔන්න ටික දවසකට පස්සෙ මු ෆ්‍රිජ් එක දෙකට බෙදුව,
"මචන් මගෙ කෑම උඩ තට්ටු දෙකේ, උඹ යට දෙකට දාපන්. ඩී-ෆිශර් කෑල්ල ෂෙයර් කරමු".ඔන්න ඔහොමයි බුවා, තව රස කතා එමටයි, ඔක්කොම දැම්මොත් මාව මාට්ටු වෙනව හතර වටේට.
හරි දැන් කියන්න යන සීන් එක මේකයි, කිව්වෙ නිදාන කතාව, හරිද.
මම හැමදාම එහෙ රෑ 11-12 විතර ලංකවෙ උන්ට අප්ඩේට් එකක් දෙනව, මොකද අපෙ උන් ඔෆිස් එන්නෙ 9 විතර (අපිට පැය 11 ක විතර ගැප් එකක් තිබ්බා). ඉතින් මම උන්ට කෝල් එක ඉවර වෙලා නිදා ගන්නෙ 1-2 විතර, ගෙදරට කෝල් කොරොත් තවත් පැයක් වත් කෙලවෙල නිදා ගන්නෙ. ඉතින් මම උදේට නැගිටින්නෙ ඔෆිස් යන්න ඔන්න මෙන්න කියල එලම් එක තියල. අර මිස්ටර් බීන් ලෑස්ති වුනා වගෙ තමයි මාත්, ඉතින් ඔහොම ටික දවසක් යනකොට මට තෙරුනා පොඩි අවුලක්, මම නැගිටින කොට හැමදාම අනිත් බුවා බාත් රූම් එකේ. ඉතින් ඌ එනකම් මම ලකා ගහගෙන ඉන්නව. මේකා ලෑස්ති උන ගමන් ඌ යනව, මම ලේට්.
ඔන්න දවසක් මොකක් හින්දද මන්දා මට එලාම් එකට කලින් ඇහරුනා, මම ඒත් නැගිටින්නැතුව ඇඳේ පෙරලි පෙරලි හිටියා කම්මැලි කමට. ඔන්න ටිකකින් මගෙ එලාම් එක (ඔරලෝසුවෙ හරිද )වැදුන. එතකොටම මට ඇහෙනවා, අරූගෙ කාමරෙ දොර ඇරෙන සද්දෙ, ඒ ගමන්න ඇහෙනව බාත් රූම් එක දොර වැහෙන සද්දෙ. ඔන්න මගෙ ටිකිරි මොලේට ට්‍රිගර් උන මෙතන වෙන සීන් එකක් වෙනව කියල. පස්සෙ මම ඊලඟ දවස් දෙකේදිත් අමාරුවෙන් නැගිට්ටා එලාම් එකට කලින්. වැඩේ හරි, මූ කරන්නෙ උදේම නැගිටල උගෙ නෙට් යන වැඩයි, කෝල් කරන එවයි කරනවා. හැබයි මගෙ එලාම් සද්දෙට මූ ටක් ගාල බාත් රූම් දුවනව මට කලින්.
යකෝ, මේක මාර කෙලියක්නෙ, මොකද කරන්නෙ කියල හිතනකොට ආව අදහසක්, හිටපන් පුතා දෙන්නම් තොට ජම්බු කියල ඊලඟ දවසෙ ඉඳල ප්ලෑන ගැහුව. අනේ ඊට පස්සෙ ලොකු අවුලක් නෑ, ඌ ගිහින් ඇවිත් විනාඩි 10-15 පස්සෙ මම බාත් රූම් ගියත් මට පරක්කු නෑ.
මම කරේ, මගෙ එලාම් එක වෙනද වෙලාවට වඩා විනාඩි 45 කලින් තියනව. ඕක වැදුන ගමන් අරූ දුවනව, මම ඒක ඕෆ් කරල ආයි නිදා ගන්නව. ඩොලර් ශොප් එකකින් ගෙනාව චූටි එලාම් එකක් සෙට් කෙරුව හරි වෙලාවට.
මේ මමත් සංග වගෙ නේද, සිම්පල් ප්ලෑන් නෙ.

Monday, February 28, 2011
අපි අයෙත් මාට්ටු...
ඔන්න දවසක් අපි සෙට් එකක් ගිය පොඩි ට්‍රිප් එකක්, ගියෙ නම් ඌව පලාතට, පොඩි කිව්වට, හෙන අහිකුන්ටික සීන් එකක්, කොහේහරි හම්බවෙන තැනක නැවති නැවති දවස් ගානක් ගිය සීන් එකක්.
අපෝ නගරෙ නම නම් කියන්නෙ නෑ, පහුගිය එයාගෙ ගාන.... කියද කතාවෙන් පස්සෙ දැන් අපේ සමහර ඉස්කෝලෙ උන් දන්නව මේ මම වහන්සෙ තමයි මේක ලියන්නෙ කියල, මොකො හිටියෙ දෙන්නයි, නිකම්ම බඩු මාට්ටුයි. හරි එක වැඩක් නෑ මෙහෙමයි සීන් එක උනෙ අපි ඔය ට්‍රිප ගිහින් එකපාරක් නැවතුනෙ හෙන ප්‍රසිද්ද පන්සලක වෙන කොහෙවත් තැනක් සෙට් උනෙත් නෑ. එකයි නගරෙ නම කිව්වොත් පන්සල දන්නව.
ඔන්න ඉතින් අපේ බඩුමුට්ටු ටික තියල හවස තුනට හතරට විතර අපි ටවුමට ආවා. ඒපැත්තෙ තිබ්බ පොඩි ෆිල්ම් හෝල් එකක්, දන්නවානෙ, පොඩි කඩ කාමරයක බංකු ටිකක් දාල, ඩෙක් එකකින් ටිවි එකක මොකක් හරි අටමගලක් දාල පෙන්නනවා. අපිත් ඉතින් ඉන්න බෑනෙ, ටිකක් අනුමතවෙලා තව පොඩ්ඩක් අනුමත වෙන්න අවශ්ය කරන පොඩි බෝතලයකුත් (පොඩ්ඩයි මෙයා, මිලි 750) අරන් ගිය. අපො පිස්සු හැදෙනව ඒක ඇතුලෙ, මුන් හිතන්නෙ ඇක්ටර්ල ලයිව් එතන රඟපානව කියල, විසිල් ගහනවා, විකරයයි. ටිකක් වෙලා යද්දි අපිත් පෙන්නුව aaaaaa කොල්ලන්ගෙ හැටි. කොහොම හරි ඔයින් මෙයින් ඕක ඉවර වෙලා එලියට බැස්සට පස්සෙ තමයි මතක් උනෙ හුටා, අපිට දැන් යන්න තියෙන්නෙ පන්සලකට නේද කියල. අර ඇටි කෙහෙල් කාපු උගුඩුවන්ට වෙච්ච සැන්ටාන්ස් (සන්තෑසිය ) එක රිපීට් ටෙලිකාස්ට්, දැන් ඉතින් වමාරන්නද. වෙන දෙයක් වෙද්දෙන් කියල අපි ශේප් එක ගියා. ම්හු.. කොහෙ යන්නද, තාම පංසලේ සෙනග, ඒ මදිවට හාමුදුරුවො එහෙම අහු උනොත්, අපි ඉතින් කරන්න දෙයක් නැතුව පංසල වටේ ඇවිදිනව. එතකොට අපි දැක්ක ෆුල් යුරෙකා සීන් එකක්, පන්සලෙ පිටිපස්සෙ පොඩි වැටක් තියනව, එලට රින්ගන්න පුලුවන්,එතනින් අපිට අඩි දෙකයි තුනයි, අපි හිටපු සලාවට. දෙයියනෙ කියල අපි ශේප් එක රින්ගුවා, පොඩ්ඩක් අමාරු උනාට අවුලක් නැතුව අපි ගිහින් නිදාගත්තා.
ඔන්න පහු වෙනිදා අපි යන්න කලින් ලොකු හාමුදුරුවන්ට කියන්න ගියා. අපි ඉතින් බොහොම හොඳ ලමයි වගේ (වගෙ මොකක්ක්ද අපි හොඳයි තමයි ) යනව කියල, වැඳල එහෙම නැගිටින කොට ලොකු හාමුදුරුවො අපිට ඉතින් පරිස්සමෙන් යන්න කියල පොඩි උපදෙස් ටිකකුත් දුන්නා, මොකෝ අපෙ ට්‍රිප් එක හෙන ලොකු සීන් එකක්නෙ. අන්තිමට හාමුදුරුවො කියනවා...
දැන් ඔය පොඩි මහත්තුරුන් යම් දෙයක් කරනකොට වඩා හොඳට කල්පනා කරල කරන්න ඕනේ, නේද?
එහෙමයි හමුදුරුවනේ.
ඒක තමයි, එහෙම කල්පනා කෙරුවනම්, කම්බි වැටවල් වලින් රිංගන්න වෙන්නෙ නෑනේ. නේද?
(ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නදැයි අපිට තාමත් මතක නැත )
=====================
PS. "ඔහේගෙ එක වගෙද මගෙ එක" කතාවෙ පොඩි අවුලක් තිබ්බා, ඒකයි ෆුල් ටියුබ් ලයිට් උනේ, දැන් එක හැදුව.

Wednesday, February 23, 2011
ඔහේගෙ එක වගෙද මගෙ එක
මේක ජෝක් කතාවක්, අපි එහෙම සම්බන්ද නෑ මේකට, අපි සෙට් එකෙ වල් පල් කියවනකොට එකෙක් කියපු කතාවක්.
ඔන්න වන්ස් අපෝන ටයිම් වල පොඩි ගමක හිටියලු ලොකු කොල්ලෙක්, ඉතින් මූ දැන් ලොකු හින්දා ගෙදරින් කසාදයක් සෙට් කෙරුවලු. දැන් බුවාල ෆුල් වැඩලු මගුල ජයට කන්න. ඉතින් ඔන්න මගුලට කලින් දවසක බුවාට මොකක්ද වැඩකට ගහකට නැගල බහින කොට, අනේ.. කරුමෙ කියන්නෙ, සුරුස් ගාල ලෙස්සල වැටුනලු, ලොකු ඩැමෙජ් නෑලු, හැබැයි මිනිහගෙ අර මගුල් දවසෙ ඕනම කරන අහවල් ඉන්ද්‍රිය නම් ලෙලි ගිහින් ගහෙ ඇතිල්ලිලා. කරන්න දෙයක් නෑනෙ, බුවා ගියාලු වෙදෙක් ලඟට. වෙදත් ඉතින් බේත් එහෙම ගාල කිව්වලු, හැබැයි පුතෝ දවස් 4-5 යනකන් තුවාලෙ තෙමන්න නම් එපා කියලා. මලා දැන් ඉතින් නාන්නේ එහෙම කොහොමද, ඔන්න බුවත් අපෙ සන්ගක්කාර අයියා වගෙ සිම්පල් ප්ලෑන් එකකට මාරු උනාලු, ගත්තලු ඉටි කවරයක් අරගෙන හොඳට එතුවලු. හරිනෙ දැන් ඉතින් වතුර තියා හුලන් වත් යන්නෙ නෑ.
ඔන්න ඉතින් මගුල් රෑත් ආවලු, මනමාලිත් එක එක හැඩ දානවලු, කොන්ඩෙ පීරනවලු, කැරෙකෙනවලු, කොහෙ බුවා සද්දයක් නෑලු, ඇයි ඉතින් මොනව කරන්නද තුවලෙත් එක්ක. ඔන්න කෙල්ලට දැන් මලලු, බැරිම තැන කෙල්ල රෙ.. උස්සල කියනවලු,
ඒයි මේ බලනවකො... මේ මගෙ එක අලුත්ම අලුත්, යූස් කරලත් නෑ..
කොල්ලට දැන් ඊට වඩා මලලු, බුවත් නැගිට්ටලු, ඉස්සුවලු සරම, අර අව්යවය තෙමෙනවට ඔතල තිබ්බ ඉටි කොලේ පෙන්නල කිව්වලු..
ඒයි, ඔහේගෙ එක වගෙද මගෙ එක, මේ මගෙ එක තාම පැකින් කඩලවත් නෑ.

Tuesday, February 22, 2011
ලෑලි මැස්සෙ දොයි....
ඔන්න කලින් ලිපියෙ බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න, එකෙ කියපු හැටියට, බස් එක මග ඩිපෝවකින් නැවැත්තුවනෙ, ඉතින් ඔන්න නලියයි මායි ආයි බස් හෝල්ට් එකකට වෙලා ඉන්නවා ගෙදර යන්න තව බස් එකක් එනකන්. ඉතින් ඔය වෙරි මරගාතෙ ඉන්න කොට, කකුලුත් රිදෙනවනේ, ඒ මදිවට පොලොව ඇදයි, අපිව වැටෙන්න යනව. වට පිට බලනකොට පොඩි ලෑලි මැස්සක් තිබ්බ, මොනා හරි පොඩි කඩ සීන් එකක්, ඉතින් අපි දෙන්න ගිහින් ඔකෙන් වාඩි උනා. ඒත් නලිය කිව්වා පොඩි බෙටි ගඳක් එනව කියල, එත් අපි ගනන් ගත්තෙ නෑ, මොන බෙටිද, කෙලින් ඉන්න ෆුල් ට්‍රයි. .
...... අහො දුකකි ඉරකි තිතකි, අපි ඩබල ඇහෙරෙන කොට වෙලාව 4යි, ගෙදර නෙවෙයි, අර ලෑලි මැස්සෙ උඩ අපි දෙන්න දොයි. දඩ බඩ ගාල නැගිටල, දුවිලි ගසල කොහොම හරි පාන්දර බස් එකක් සෙට් කරන් ගෙදර ගියා. ඔන්න පහුවෙනිදා, මොන මගුල තිබ්බත් ක්ලාස් යන්න ඕනෙ හින්දා නැගිටල ගියා, යද්දි ෆුල් නින්දක් දාගෙන ගිය හින්දා මට බලන්න බැරිඋන ඊයෙ රෑ නින්ද ගිය තැන, ඔන්න හවස ක්ලාස් ඇරිල එනකොට මම සෙට් එකට කිව්ව වෙච්ච දේ,කියල අපි බැලුව කොහෙද අරුයි මායි නිදාගත්තේ කියලා, අනේ ඒ හෝල්ට් එක එනකොට අර ලෑලි මැස්ස උඩ දාගෙන මුදලලියෙක් බඩු විකුනනවා, බුවා හයියෙන් කෑගහනව...
මාලෝ.... මාලෝ.... තෝරා... පරා... කෙලව.....
හෆෝ, පට්ට නොන්ඩිය.. එතකොට තමයි මට මතක් උනෙ අරු කියපු බෙටි ගඳයි, උදේ මගෙ කාමරෙ ගඳක් ගැහුවෙ ඇයි කියල අපෙ අක්කා අහපු ප්‍රශ්නෙට උත්තරෙයි.

Monday, February 21, 2011
එයාගෙ ගාන....
මේ සීන් එකනම් තාමත් මතක් වෙද්දිත් බය හිතෙනවා, එදා අපි ගුටි කෑමකට සෙට් උනානම් තාමත් කනව. ඔන්න දවසක් මායි නලියයි, ( අර ටොස් එක දැම්ම කතාවේ ඉන්නෙ, මගෙ බුදු ෆ්‍රෙඬානෙ, අවුරුදු 5ක් අපි දෙන්න එක පන්තියෙ, එක ලඟ සෙට් උනේ) රෑ 1 ට විතර කානිවල් එකක් ඉවරවෙලා ගෙදර යන්න කියල ආව කොලඹ බොහොම ප්‍රසිද්ද හන්දියකට ආව. දෙන්න ටිකක් අනුමත වෙලයි හිටියෙ, කොච්චර ටිකක්ද කියනවනම් හිටගෙන හිටියෙත් දෙන්නට දෙන්න හේත්තුවෙලා, කොහොම හරි අපි දෙන්න ලඟ බස් එකට විතරයි සල්ලි තිබ්බෙ, ඉතින් ඔය කියන හන්දියට වෙලා අපි ඉන්නව බස් එනකන්. ටිකකින් අපි දැක්කා, පොඩි කඩයක් අයිනෙන් ඩයල් එකක් මතුවෙනවා, අනේ අර ලොකෙ පරනම රස්සාව කරන කෙනෙක්, ෆුල් හැඩ වැඩ දාල. ඔන්න ටිකකින් නලිය මට මොනවද කියවනවා, උට අර ගෑනිට මොනව හරි කියල එන්නම්ලු බයිට් එකට. මට වෙරි හින්දෙන ගාන, මට තවුසන්ඩ් ශුවර්, මූ මෙ කියන්නෙ ඇත්තටම කියලා, මම දැන් මුට බනිනව පිස්සු කෙලින්න එපා කියල, මූ ඇහුවෙම නෑ, මූ ගියා. බැරිම තැන මම ලඟ තිබුන කනුවකට හෙත්තු උනා දුවන්න රෙඩි පිට.
නලිය : මේ, කොහොමද
ගෑනි : මට මෙච්චරයි, සපෝටර්ට මෙච්චරයි, 3විල් එකට මෙච්චරයි, රූම් එකට මෙච්චරයි, ඔක්කොම මෙච්චරයි (ගෑනි ටොටල් ෆයිනෑන්ශල් ඩීටේල්ස්ම කියෙව්වා එක හුස්මට..)
නලිය : මේ, තමුසෙ ඉන්න, පනහකට (50) විතර බැරිවෙයිද අර අර 3විල් එකෙ අපිව ගෙදර ගිහින් දාන්න, aaaaaa හන්දියට දැම්මත් ඇති.
අම්මෝ, ඒක ඇහුන විතරයි අර ගෑනි ලෝකෙ තියන කුනුහරුප ඔක්කොගෙන්ම කෑගහන්න පටන් ගත්ත මුලු හන්දියටම ඇහෙන්න, උන්ගෙ සෙට් එක ඇවිත් නෙලන්ඩ කලින් එතකොටම ආව බස් එකක්, කොහෙද කියල බැලුවෙත් නෑ අරුත් ඇදන් දිව්ව ඒකට. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ, බස් එකෙ උන් අපි දෙන්න දිහා බලන්නෙ මුක්කුද වගෙ, ඇයි අර ගෑනි අත දික් කර කර බැන්නනෙ හෝල්ට් එකේදි. මොනා කරන්නද, ගුටි වලට වැඩිය නොන්ඩි හොඳයිනෙ කියල හිතහිත ආවා.
ප.ලි. ඒ බස් එක අපෙ ගෙවල් පැත්තට ගියත්, මග ඩිපෝවකින් නවත්තනව. එතනින් බැහල වෙච්ච දේවල් වෙන ලිපියකින් දාන්නම්.

Subscribe to:
Posts (Atom)