Friday, May 14, 2010

අපි නුවර-එලිය යටත් කර ගත් හැටි...

මේ ඔන්න අදත් පොඩි සීන් එකක් කියන්න යන්නෙ. හැබැයි පොඩි කොන්දෙසියක්... අනේ උඹල කවුරුහරි මේ කියන කතාවේ කස්ටියගෙ නම් ගම් නම් කොමෙන්ටුවල දාන්න එපා.. මේ nadeesthoughts ඔයාට තමා මම වැඩිපුරම කියන්නේ :) හික්ස්..

අපි A/L කරන කාලෙ පොඩි පොඩි ට්‍රිප් ගියානෙ. මේ කියන ට්‍රිප් එක ගියෙ නුවර-එලියට. ඉතින් අපි පන්තියෙ සෙට් එකයි, අපේ ****** සර් රුයි තමා ට්‍රිප් එකෙ කස්ටිය.

ඉතින් ආ.. යන ගමන් වෙච්ච් දේවල් තව පොස්ට් එකකින් කියන්නම්, ඉතින් අපිත් බොහෝම සාමකාමීව සින්ඩු කියාගෙන නුවර-එලියට ගියා. අපි ඉතින් ගිහින් හවස නාලා කාල ආව ටවුන් එකේ ඇවිදින්න. ඔන්න ඉතින් අපෙ
සර් රුත් ආවා අපිත් එක්ක.

සර් දන්නව ඉස්කොලෙදි මොන ජල්බරි දාගත්තත්, අපි හොඳ ලමයි කියල. ඉතින් සර්, සර් ගෙ ෆුල් කොමාන්ඩින් ඇක්සන්ට් එකෙන් කිව්වා...

මේ, දැන් ඔය ගොල්ලො ගිහින් ඇවිදලා, හරියටම ෂාප් 9 ට හරියටම මෙතනට එනවලා. අනන් මනන් බෑ. හරි.

ඒ කිව්වෙ පොස්ට් ඔෆිස් එක ඉස්සරහට. අපිත් අර මුක්කුද වගෙ මරු උනා, මාර චාන්ස් නෙ. කොහොම කොහොම හරි 9 නෙවේ 8 වෙද්දිම මුලු ටවුන් එකම කරුවලයි. දැන් ඔක්කොම කඩ වහනවා. අපිත් හිමින් හිමින්
කෑම-බීම ඉවර කරල ගියා සර් කියපු තැනට. දැන් එකා දෙන්න මතු වෙනව එක එක පැතිවලින්, එත් සර් නෑ.

ඔන්න සර් එනවා *** **** ***** *******, දැන් පට්ට කරුවලයි, යන්තම් පොඩි ලයිට් එකක් තියනව පොස්ට් ඔෆිස් එක ඉස්සරහා. සර් අවා..

මේ... අයිෂේ..... මේ.... ඔක්කොම ඉන්නවද?

ඔව් සර්, ඔක්කොම ඉන්නවා.

හ්ම්.. එහෙමද, එහෙනම් කට්ටියම පෝලිමක් හැදෙනවා.

අනෙ මන්දා, බල්ලෙක් වත් ටවුමෙ නෑ. පට්ට කරුවලයි, ඒත් ඉතින් ඔන්න අපි ඔක්කොම පෝලිමක් හැදුනා, හරියටම ටවුම මැද.

සර් අර ආමි එකේ පැරේඩ් එකක වගේ, ගියා එක කොනක ඉදන් අනිත් කොනට, ආයි ගියා අනිත් කොනට, ඊලගට ආවා පෝලිමේ මැදට, ඇවිල්ලා එක අතක් මිට මොලවල ඉහලට ඔසවලා කිව්වා,

අයිෂේ... දැන් මේ මුලු නුවර-එලියම අපේ.

ඔන්න ඔහොමයි කවුරුත් නැති වෙලාවක අපි නුවර-එලිය යටත් කරගත්තෙ.

Monday, May 10, 2010

පුසා කොන්දොස්තරට වැදීම..

හරි, අද මම තව පොඩි කතාවක් කියන්න යන්නේ, පොඩිම පොඩි කතාවක් උනාට වෙච්ච බයිට් එකනම් එවරස්ට් කන්ද සයිස්.

මේත් ඔය අපි A/L කරන කලේ වෙච්ච සීන් එකක්. ඔන්න දවසක් අපි සෙට් එක පොඩි වලක් බහින්න සෙට් උනා, දන්නවනේ, කවුරු හරි ගෝතයෙක් මොකක් හරි අදහසක් දාපු ගමන්ම, අපිත් ඉතින් අනේ බෑ කියලා පැනල
සෙට් වෙනවනෙ.

ඉතින් අපි අදහස දාපු එකාටත් පින් දීලා, ඉක්මනටම ඉස්කොලේ ඇරිල (සමහරු ඕකට හින්දියෙන් කියන්නෙ School cut කරනව කියල, අනේ මන්දා ) ගියා "අහවල්" නගරය කිට්ටුව පොඩි ඇල්ලකට, නාන්නයි, තිබහට
මොනවහරි බොන්නයි (සෝඩා හරිද, වෙන මුකුත් නෙවේ ). මේ ඇල්ල තියෙන්නෙ පොඩි රබර් වත්තක් මැද්දෙ,

අපි සෙට් එකක්ත් ගිහින් අපෙ පාඩුවේ අපෙ රජකාරි පටන් ගත්තා, ඉතින් එක ගිනි කෙලියයි, නානව, සෙට් වෙනවා, සින්දු කියනවා, මාර ෆන්.

දන් අපි ඔක්කොම හරි ගානට, එතකොට අමලයා කියනවා..,

ඒයි මචාන්ස්.. අර බලපන්කෝ.. කොලපාට මිනිස්සු ටිකක්..

මුටනම් පිස්සුද මන්දා, ඇයි දෙයියනේ සුදු හරි කලු හරි කිව්වනම් හිතන්නවත් තිබ්බා, කොලපාට මිනිස්සු... දැන් මුට වැඩියි වගේ, වතුරෙවත් ඔබල ගන්න ඕනේ, සෙට් එකේ අදහස් ගොඩයි.

ටිකකින්..... හෆෝයි... මූ කියලා තියෙන්නෙ ඇත්තනේ, කොල පාට මිනිස්සු අපි ලගටම ඇවිත්, උන්ගෙ අතෙ බැජ් එකක ගහන් ඉන්නවා, ශ්‍රී ලංකා පොලෝසිය කියලා. කොහෙ දුවන්නනද, හිට ගන්නෙත් අමරුවෙන්.

ඉතින් අපි සෙට් එක අහු උනා, එතන මාර ආතල් කතාවක් තියනවා, එක පස්සෙ කියන්නම්, හැබැයි අපේ පූසායි, අකිලයයි පෙන්න නෑ. බලනකොට උන් දෙන්නා ඈත දුවනවා පේනවා. උන් බේරුන කියල අපි හිතුවට, පස්සෙ
දැන ගත්තේ පොලොසියට අහු උනානම් හොදයි කියල.. මොකද දන්නවද..

... ඉතින් ඩබල දුවගෙන කෙලින්ම මහ පාරට ගිහින්, එතකොටම ආපු බස් එකේ එල්ලිලා, හොද වෙලාවට කොලබ යන එකක්, නැග්ග ගමන්ම, පූසා වැන්දලු කොන්දට, අනේ බුදු අයියෙ, අපිව පොලොසියෙන් පන්නනවා,
මෙච්චරයි තියෙන්නෙ, අපිව ගිහින් දාන්න, කියල සාක්කුවේ තිබ්බ සල්ලි ටික දුන්නලු.

දැන් මිනිස්සුත් බලනවා, ඒ මදිවට, class යන කෙල්ලො සෙට් එකක් අන්තිම සීට් එකේ ඉදන් කින්ඩියක හිනාවෙනව..

ඒ ඔක්කොම හරි, ඊලගට කොන්දා කියපි.....
-
-
-
-
-

ආ.. මල්ලිල ඉතුරු සල්ලි...


හෆෝ.. මේ නරි දෙන්නා, කොන්දොස්තර අය්යට වැදලා තියෙන්නේ, අතේ වැඩිපුර සල්ලි තිබිල තියෙද්දි..

Friday, April 30, 2010

අපේ පියෝ සර්

හරි දැන් මේ කියන්න යන්නෙ තවත් පොඩි කතාවක්. මේකත් උනේ අපේ සෙට් එකේ එකකුට, එකකුට කියන්නේ, සිරාම සිරාම එකෙකුට, ඒ කියන්නෙ මට වෙච්ච දෙයක්.
ඔය කියන කාලේ මම ජොබ් කරන්න ගත්ත අලුතම, මම ඉතින් ක්‍රමලේඛකයෙක් (සින්හලෙන් ප්‍රොග්‍රැමර්) විදියට වැඩ කරනවා පොඩි විදේශීය සමාගමක.
දවසක් මොන වැඩකටද මන්දා (මතක නෑ ) ඔෆිස් එකේ ටික දෙනෙක් එක්ක මම බස් එකේ යනවා, අනේ...


අනේ... මම දකිනවා.... අපිට ඉස්කොලෙදි පියෝ උගන්නපු සර් කෙනෙක් (කෙනෙක් කියල කිව්වෙ අපෙ ඉස්කෝලෙ A/L වල හැම subject එකකටම ගුරුවරු දෙන්නෙක් ඉගැන්නුවා ), අපේ කුලසිංහ පියෝ සර්, අපි නම් ආදරේට කිව්වේ කුල්ලා කියලා.

කුල්ලා සර් හරිම හොදයි, බොහෝ..ම තැන්පත්, කතා කරන්නෙ, ඇවිදින්නෙ ලතාවට, කලාවට හරියට දාසයක දාහතක කෙල්ලෙක් වගෙ (කටහඩ විතරක් පොඩි කොල්ලෙක්ගෙ වගේ ),
හැබැයි පියෝ වලට මාරයා, එතකොට නියම පුරුශයෙක්, මම හිතන්නෙ Albert Einstein වඩා දශමයක් දෙකක් සර් ගෙ මොලේ අඩුයි, සර් ගෙ ගෝලයෝ වන අපි සර් ට වඩා අසු කෙල කෝටියක් මොලේ අඩුයි )

අනේ ඉතින් සර් ව දැක්කම මමත් ඉතින් කතා කරා, අපෙ බුදු සර් නෙ, අපි කොච්චර නිදාගත්තත් පන්තියේ, සර් අපෙ නින්ද කඩුවෙ නෑ.
ඉතින් දැන් මම සර් ලගට ගියා, ගිහින් බස් එකෙ කියල බැලුවේ නෑ ආයුබොවන් කියලා කතාව පටන් ගත්තා.
ඉතින් සර් මගෙ පොඩි පොඩි විස්තර අහලා.... (හපෝයි ) ඊට පස්සෙ..

සර් : ඉතින් ඉතින්... දැන් මොකද කරන්නේ, දැන් ජොබ් එකක් එහෙම කරනවද?

මම : ආ ඔව් සර්

සර් : මොනවද කරන්නෙ?

(සර් ඉතින් පියෝ රජා උනාට, ක්‍රමලේඛකය ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල, තෙරෙන බාසවෙන් මම උත්තර දුන්නා )

මම : සර් මම පොඩි computer firm එකක වැඩ කරනවා.

සර් : (සුසුමක් හෙලා, බොහෝම අහිංසකව ) අනේ හොදයි, හොදයි, ඒ කාලේ කරපු වැඩ වල හැටියට ඕකත් ලොකු දෙයක්නෙ, නේද?

හපෝ දෙවියනි ඔබ කොහිද.. මුලු බස් එකම මගෙ දිහා බලනවා, අපේ ඔෆිස් එකේ කොල්ලො කෙල්ලො ටික කටින් සහ අනිත් තැනින් දෙකෙන්ම හිකි හිකි ගානවා. බස් එකේ නැතුව බිම හිටියනම් පොලොව පලාගෙන ගිහින්, සහරා කාන්තාරෙන් මතුවෙලා, එකේ ඉන්න ගොනුස්සෙක් කවාගෙන මැරෙනවා. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.


ප/ලි : අනේ ඔයාල සර් එක්ක තරහ වෙන්න එපා, සර් එහෙම කිව්වෙ බොක්කෙන්මයි

Friday, April 23, 2010

කුළුඳුල් දෙවෙනි පෝස්ට් එක - නලින් ටොස් එක දාපු හැටි

ඔන්න මගෙ පලවෙනි කතාව කියන්න යන්නෙ. දන්න වානෙ අර ලොකු ලොකු කට්ටිය පොත් ලියනකොට දන්න කියන තව පොරකට පුදනවනෙ. පුදනවා කියන්නෙ අර පෙරේත තට්ටු පුදන එක නෙවේ හරිද, ඉතින් මමත් කාටද පුදන්නෙ, එල මේ බ්ලොග් එකෙන් බයිට් වෙන අපේ සෙට් එකටයි, මගේම අයටයි තව මේ බ්ලොග් එකට පලවෙනි comment එක දාපු සු කියන බ්ලොග් කරු ටයි පුදනවා. එල, එක හරි, දැන් මම කියන කතාව පොඩිම පොඩිම එකක්,

මේ කියන දවස් වල අපි සෙට් එක A/L Class යනවා, නුගේගොඩ. ඔන්න එදාත් වෙනදා වගේම බෝ ගහ යට සෙට් උනා class යන්න. class යනව වගෙ පව් අතේ වැඩ කරන්න අකැමති අපි ලොකුකයියක් දාගෙන හිටියෙ. කොහෙ ගියත් පිනට ලැදි අපේ එකෙක් කිව්වා, මචාන්ස් අද පිනා (අපෙ තව එකෙක්) ගෙ ගෙදර කවුරුත් නෑ කිව්වා එහෙ ගිහින් ෆිල්ම් එකකුත් බලලා පොඩි ethanol පාරකුත් දාමු. එල අදහස.
එක තප්පරයඉ ගියේ මෙන්න තව එකෙක් අදහස් දෙනවා,
ඒක නෙවෙ බන් කොම්පඤ්ඤවිදියෙ Rio එකේ නියම ලමා ෆිල්ම් එකක් තියනවා, යන් එහෙ කියල,
දැන් වැඩ කෝටියයි

දැන් මොකද කරන්නෙ, Options තුනයි,
1. පිනා ගෙ ගෙදර යාම
2. Rio එකේ ලමා ෆිල්ම් එක
3. Class යාම

සමගාමී සමීකරන තියා chemistry ඇප්ලයි කරත් විසදන්න බෑ.

දෙයියෙක් වගේ නලින් (නලියා ) පැන්නා ඉස්සරහට, මචන් අපි කාසියක් උඩ දාල මොකද කරන්නෙ කියල තෝරමු.

එල, All agreed........, හුටා මාර ප්‍රශ්නෙ, තව එකෙක් පැන්නා ඈ බන් කාසියක් උඩ දාල options තුනක් තොරන්නෙ කොහොමද, උම්බ මැතට සම්භාවිතාව කරනකොට නිදිද? අඩුම ගානෙ cricket match එකකවත් කාසියක් උඩදාලා නැද්ද? ගමකට බර බරේ

එල එල, දැන් අපි ඔක්කොම නලියට ගේම. (මටත් හොදට sure, හිතෙනුත් කාසියක් උඩ දාල බැලුවා )

දැන් නලියගෙ වාරේ,
කෝ තොපි මට කියන්න දෙන්නෑනෙ.. නලිය කෑ ගහනවා හරියට පාර්ලිමෙන්තුවේ වගෙ.

හරි හරි එහෙනම් උම්බ කියපන්, දැන් ආයෙත් අවස්තාව නලියට.

මෙහෙමයි මචන් කරන්නෙ, අපි කාසිය උඩ දාල, හෙඩ් අවොත් පිනා ගෙ ගෙදර යමු,
ටේල් ආවොත් Rio යන්,

(දන් අපි ඔක්කොම කට ඇරගෙන...) ඉතින්..

ඉතින් කාසිය කෙලින් හිටියොත් අපි Class යන්,

පලවෙනි රචනාව..

හරි හරි, අමාරුවෙන් බ්ලොග් එකනම් හදා ගත්තා. මාර සීන් එක, අනිත් උන්ගෙ බ්ලොග් මාර දෑකුම් කලුනෙ (කලුම නැ, පාට පාට ) එත් මගෙ බ්ලොග් එක එහෙම නෑනෙ. හරි එක පස්සෙ බලමු. මම අහම්බෙන් වගෙ සින්හල බ්ලොග් එකක් දැකල, ඒකෙ තිබ්බ අනිත් බ්ලොග් වලට ගිහින් මාර ආසාවක් ආවා මටත් බ්ලොග් එකක් ලියන්න. අය්යො මම දන්න සාහිත්‍ය්, කවි සින්දු ලියන්න කාව හරි කුලියට ගන්න වෙයි, වෙන මොනව හරි කියන්න බෑ, මිනිස්සු කියයි වදුරන්ගෙන් බන අහන්නෙ නෑ කියලා. ඒක හින්දා වෙන මොනව හරි දාන්නම්. අකුරු ලියන්න පුලුවන් හින්දා වෙච්ච දෙයක් ගන කොහොම හරි ලියා ගන්න පුලුවන්..

එහෙනම් අපි අයේ හම්බ වෙමු මගේ කුලුදුල් දෙවෙනි බ්ලොග් පොස්ට් එකෙන්