Monday, July 25, 2011

ඩොඟාගෙ මනෝකාය

ඉස්කෝලේ කාලෙ තරම් අනිත් උන්ට මඩ ගහපු ආතල් ගත්ත කාලයක් ආයිත් නෑ. ඒ දවස් වල මඩ ගහන්න වැලිඩ් රීසන් ඕනෙ නෑනේ. ඔය මොකක් හරි හුටප්පරයක් අල්ල ගත්තාම ඇති ලොවෙත් නැතිවෙන්න මඩ ගහන්න. අපෙ එකෙක් හිටිය ඩොඟා කියල. ඩොඟාගෙ මඩ නම් ලොවෙත් නෑ. මේ තියෙන්නෙ ප්‍රසිද්දියෙ කියන්න පුලුවන් එකක්.
ඔන්න ඉතින් අපි සෙට් එක AL අභාග්‍යට සෙට් උනානෙ. ඉතින් විභාගෙ දවසෙදි අපි වගෙම ඩොඟාත් ෆුල් සෙත්ත පෝච්චි. කොහෙ කියල ලියන්නද, මොකො නිකමටවත් පිසික්ස් පේපර් අහනවද ඉස්කෝලෙ තාප්පෙ මිටිම තැන, එහෙම නැත්නම් වඩා ලේසියෙන් ඉස්කෝලෙන් පනින්න පුලුවන් තැන කොතනද?
ඩොඟ ෆුල් තින්ක් පාරක් දාල බැලුවලු දැන් මොකෑ කොරන්න ඕනේ කියල. අවුස් අම්ම ගුන්ඩු කියල උගෙ අර බෙලෙක් ටිකිරි මොලෙට ආවලු එල අයිඩියා එකක්. කාටවත් නොපෙනී ගියොත් බ්‍රයිටෙක්ගෙ පේපර් එක බලන්න පුලුවන්නෙ කියල. කරන්න තියෙන්නෙ එක දෙයයි, උගෙ මනෝකාය එලියට ගත්තොත් හරි (අර ඇස්ට්‍රල් බොඩි කියල කියන්නෙ )

ඩොඟා ටක් ගාල දැහැනට සම වැදුනලු, ක්‍රමානුකූලව හිත සන්සුන් කරාලු. ටිකක් වෙලා යනකොට උට පුලුවන් වෙලා මනෝකාය එලියට ගන්න. බුවා ෆුල් හැපියෙ පොඩි යුරේකා පාරක් දාල උගෙ මනෝකායට කිව්වලු,

මචෝ, මගෙ දෙය්යා, තෝ ගිහින් නිමල්ගෙ පේපර් එක බලල ඇවිත් මට උත්තර ටික කියපන් දෙය්යො..

පල ඩොඟෝ යන්න, තො හිතුවද මාත් උඹ වගෙ චාටර් ඩයල් එකක් කියල. උඹ්ට ඕන කුජීත වැඩක් උඹම ගිහින් කර ගනින්. මම ඕන්නම් පොඩි රවුමක් දාල එන්නම් උඹ එනකන්.

Thursday, July 21, 2011

අපේ සර් ගෙ තව කතාවක්..

අපි 12 විතර ඉන්නකොට ඉස්කෝලෙන් ගියා ට්‍රිපක්. කොහොමත් කස්ටිය ඔය කාලෙට ට්‍රිප්ස් යනවනෙ. අපෙ පන්තියත් ඔහොම ට්‍රිපක් ගියා. ඔන්න ඉතින් කස්ටිය උදේ පාන්දරින්ම 8 විතර පිටත්වුනා. අපිව බාරව ගියේ අපේ ක්ලාස් එක බාර සරුයි තව සර් කෙනෙකුයි. අපෙ ක්ලාස් සර් ගැන කලිනුත් මම කිව්වානෙ, බැලුවෙ නැත්නම් බලන්නකෝ මෙතනින් ගිහින් අපි නුවර-එලිය යටත් කර ගත් හැටි.... දැන් තෙරෙනවනෙ පොරගෙ හැටි.
ඔන්න ඉතින් අපි දවල්ට කන්න කියල පොඩි ඇල්ලක් වගේ තියන පොට් එකක බස් එක නැවැත්තුවා. පන්තියෙ හොඳ ලමයි ටික හබුන් කටයි බත් දෙකටයි කියල බත් කනකොට අපෙ සෙට් එක සෙට් උනා පොඩි මතට තිතකට.

ටිකකින් (අපි දැන් වීරයොනෙ හික්ස්)

අඩෝ, සර් තනියම කනව

ඉතින්, නැතුව තෝ කියන්න අනල කවන්න කියලද

නෑ බන්, සර් හොද බුවා බන්, සර් අමුවෙන්ම බත් කන එකේ පොඩි සොට් එකක් ගිහින් දෙමුද බන්.

තොට පිස්සුද. මෙච්චර හොරෙන් බොන්නෙ අහවල් මගුලටද එහෙනම් සර්ට කියලම බොනවනෙ.
....
...
---
---
---
...
හරි හරි එහෙනම් සර්ට බියර් එකක් දෙමු. කවුද සර්ට බියර් එක ගෙනියන්නෙ.

නිමා බොන්නෙ නැනේ, උට කියමු.

තොටනෙ ගින්න, තෝම ගිහින් දීපන්

ඉතින් ඊට පස්සෙ අරු ශේප් එක බියර් එකකුත් අරන් ගියා සර් ඉන්න තැනට.

සර්.. සර්

මොකද

සර්.. මේ බියර් එකක් තියනව... සර්ට දෙන්නද

හ්ම්ම්... ඔතනින් තියනවකො එහෙනම්... අනෙ මන්දා තමුසෙලාත්
(අපේ එකා බියර් එක තියල හැරෙනකොටම )

මේ.. කුමාර... අයිසෙ සැර ජාති එහෙම නැද්ද

ති..තියනව සර්. වයිට් ඩයමන්ඩ්

එහෙනම් ගේනකො ටිකක්
(මිල්ක් ෆාදට ඩොග්ස් ජම්පින්ග්. මොනා කරන්නද අපි අරූට බැන බැන හිස් බෝතලෙකට කාලක් විතර දාල අදාල කලමනාත් එක්ක ආයි අරු අතේම යැව්වා )

සර්, මේ මේක..

ආහ්.. මේ ගල උඩින් තියල යන්න

සර් එහෙනම් බියර් එක ගන්නද

ආහ්.. ඒකත් ඔය ගල උඩින්ම තියල යනවකො....