Wednesday, April 6, 2011

ෆිල්ම් හෝල් එකේ චාටර් වී...

අද කියන්න යන්නෙ මම ඉස්කෝලෙ බොඩිමේ ඉන්න කාලෙ වෙච්ච සීන් එකක්. කලින් කතාවකත් කියල තියනවානෙ බොඩිමේ ලයිෆ් එක ගැන. ඒ වගේම තමා මේ සීන් එකත්. ඔන්න දවසක් අපි පස් දෙනෙක් විතර පැන්න බොඩිමේන්, ඒ කාලෙ හැටියට ලොකු සීන් එකකට තමයි පැන්නේ, හික්ස් ෆිල්ම් එකක් බලන්න. ඔන්න අපිත් දන්න විදියට පාරවල් හොයාගෙන ගියා aaaa හෝල් එකට, දන්නවනෙ මර්පි ගෙ ලෝ එක, අපිට කෙලවෙන්නෙ නැත්නම් වෙන කාටවත් කෙල වෙන්නෙ නෑ. අපි ඇඟිලි වලින් ඉස්සිලා අමාරුවෙන් ගත්ත ටිකට් අරගෙන යන්න හදන කොටම ආව සද්දයක්..
මේ, කවුද ඔය පොඩි ලමයි, යනව යනව මෙහෙන්, වයසට හරියන්න වැඩ කරනව..

හරි අපි වයසට හරියන්න තමයි වැඩ කරන්නෙ, හැබැයි එහෙම හිතුව විතරයි, බුවාට ඇහෙන්න කිව්වෙ නෑ එහෙම. අනෙ බැලින්නම් ඒක අඩල්ට්ස් ඔන්ලි ලු. ( සිරාවට මේක කියවන උඹල පල්ල, අපි දැන ගෙන හිටියෙම නෑනේ එහෙම කතාවක්.) මලා දැන් බුවා හෙන සද්දෙ, අපිට යන්න දෙන්නෙම නෑ. අපිත් අත ඇරියෙ නෑ.. ඔන්න පටන්ගත්තා බටර් ගෑම. මේ තියෙන්නෙ බුවාගෙ ටෝක්ස් වලට අපි කියපු සමහර දේවල්.

අනෙ අන්කල් අපිව ශෙප් එකේ දාන්නකො...

අපි පොඩි නෑ, ඕ ලෙවලුත් කරල ඉන්නේ..

මෙයා මිටි උනාට මගෙ අයියගෙ ක්ලාස් එකෙ ඉන්නෙ..

පිස්සුද අන්කල්, මෙයා කොල්ලෙක්, කෙල්ලෙක් නෙවේ

ඔන්න දැන් බටර් ඉවරයි, දැන් අපිට ඔනෙ මෙ මගුල් ෆිල්ම් එක බලන්න නෙවෙ අමරුවෙන් පැනගත්ත එකෙ, නිකන් හරි හෝල් එක ඇතුලට යන්න, ඔන්න සෙකන්ඩ් රවුන්ඩ්.
අනේ අන්කල් අපි හෙන දුර ඉඳන් ආවේ ෆිල්ම් එකක් බලන්න, අපි දැනගෙන හිටියනම් මෙහෙම ෆිල්ම් එකක් කියල (අනේ අපි බබලා) වෙන හෝල් එකකට යනවනෙ,  ආයි ගමට යන්න කෝච්චිය තියෙන්නෙ හවස, ඉතින් අපි මේක බලන්නම්, වෙන ඉන්න තැනකුත් නෑනේ...

දැන් ඔන්න බුවටත් අපිව මල කරදරයක් වෙලා, බුවා කොච්චර එලෙව්වත් අපි යන්නෙ නෑ කියල අන්තිමෙ මිනිහට තේරිලාද කොහෙද.. හයියෙන් කෑගැහුව එතන මිනිහෙක්ට,

කුමාර.... ඕයි මෙන්න මේ යක්කු ටික කොහෙ හරි මුල්ලකට දානවා ලයිට් ඕෆ් කරාම..

(අනේ ෆිල්ම් එක බැලුවට පස්සෙ අපිට තිබ්බ එකම ප්‍රශ්නෙ, කොහෙද බන් එකෙ ඇඩල්ට්ස් ඔන්ලි සීන් එක තිබ්බෙ... )