Friday, May 14, 2010

අපි නුවර-එලිය යටත් කර ගත් හැටි...

මේ ඔන්න අදත් පොඩි සීන් එකක් කියන්න යන්නෙ. හැබැයි පොඩි කොන්දෙසියක්... අනේ උඹල කවුරුහරි මේ කියන කතාවේ කස්ටියගෙ නම් ගම් නම් කොමෙන්ටුවල දාන්න එපා.. මේ nadeesthoughts ඔයාට තමා මම වැඩිපුරම කියන්නේ :) හික්ස්..

අපි A/L කරන කාලෙ පොඩි පොඩි ට්‍රිප් ගියානෙ. මේ කියන ට්‍රිප් එක ගියෙ නුවර-එලියට. ඉතින් අපි පන්තියෙ සෙට් එකයි, අපේ ****** සර් රුයි තමා ට්‍රිප් එකෙ කස්ටිය.

ඉතින් ආ.. යන ගමන් වෙච්ච් දේවල් තව පොස්ට් එකකින් කියන්නම්, ඉතින් අපිත් බොහෝම සාමකාමීව සින්ඩු කියාගෙන නුවර-එලියට ගියා. අපි ඉතින් ගිහින් හවස නාලා කාල ආව ටවුන් එකේ ඇවිදින්න. ඔන්න ඉතින් අපෙ
සර් රුත් ආවා අපිත් එක්ක.

සර් දන්නව ඉස්කොලෙදි මොන ජල්බරි දාගත්තත්, අපි හොඳ ලමයි කියල. ඉතින් සර්, සර් ගෙ ෆුල් කොමාන්ඩින් ඇක්සන්ට් එකෙන් කිව්වා...

මේ, දැන් ඔය ගොල්ලො ගිහින් ඇවිදලා, හරියටම ෂාප් 9 ට හරියටම මෙතනට එනවලා. අනන් මනන් බෑ. හරි.

ඒ කිව්වෙ පොස්ට් ඔෆිස් එක ඉස්සරහට. අපිත් අර මුක්කුද වගෙ මරු උනා, මාර චාන්ස් නෙ. කොහොම කොහොම හරි 9 නෙවේ 8 වෙද්දිම මුලු ටවුන් එකම කරුවලයි. දැන් ඔක්කොම කඩ වහනවා. අපිත් හිමින් හිමින්
කෑම-බීම ඉවර කරල ගියා සර් කියපු තැනට. දැන් එකා දෙන්න මතු වෙනව එක එක පැතිවලින්, එත් සර් නෑ.

ඔන්න සර් එනවා *** **** ***** *******, දැන් පට්ට කරුවලයි, යන්තම් පොඩි ලයිට් එකක් තියනව පොස්ට් ඔෆිස් එක ඉස්සරහා. සර් අවා..

මේ... අයිෂේ..... මේ.... ඔක්කොම ඉන්නවද?

ඔව් සර්, ඔක්කොම ඉන්නවා.

හ්ම්.. එහෙමද, එහෙනම් කට්ටියම පෝලිමක් හැදෙනවා.

අනෙ මන්දා, බල්ලෙක් වත් ටවුමෙ නෑ. පට්ට කරුවලයි, ඒත් ඉතින් ඔන්න අපි ඔක්කොම පෝලිමක් හැදුනා, හරියටම ටවුම මැද.

සර් අර ආමි එකේ පැරේඩ් එකක වගේ, ගියා එක කොනක ඉදන් අනිත් කොනට, ආයි ගියා අනිත් කොනට, ඊලගට ආවා පෝලිමේ මැදට, ඇවිල්ලා එක අතක් මිට මොලවල ඉහලට ඔසවලා කිව්වා,

අයිෂේ... දැන් මේ මුලු නුවර-එලියම අපේ.

ඔන්න ඔහොමයි කවුරුත් නැති වෙලාවක අපි නුවර-එලිය යටත් කරගත්තෙ.

Monday, May 10, 2010

පුසා කොන්දොස්තරට වැදීම..

හරි, අද මම තව පොඩි කතාවක් කියන්න යන්නේ, පොඩිම පොඩි කතාවක් උනාට වෙච්ච බයිට් එකනම් එවරස්ට් කන්ද සයිස්.

මේත් ඔය අපි A/L කරන කලේ වෙච්ච සීන් එකක්. ඔන්න දවසක් අපි සෙට් එක පොඩි වලක් බහින්න සෙට් උනා, දන්නවනේ, කවුරු හරි ගෝතයෙක් මොකක් හරි අදහසක් දාපු ගමන්ම, අපිත් ඉතින් අනේ බෑ කියලා පැනල
සෙට් වෙනවනෙ.

ඉතින් අපි අදහස දාපු එකාටත් පින් දීලා, ඉක්මනටම ඉස්කොලේ ඇරිල (සමහරු ඕකට හින්දියෙන් කියන්නෙ School cut කරනව කියල, අනේ මන්දා ) ගියා "අහවල්" නගරය කිට්ටුව පොඩි ඇල්ලකට, නාන්නයි, තිබහට
මොනවහරි බොන්නයි (සෝඩා හරිද, වෙන මුකුත් නෙවේ ). මේ ඇල්ල තියෙන්නෙ පොඩි රබර් වත්තක් මැද්දෙ,

අපි සෙට් එකක්ත් ගිහින් අපෙ පාඩුවේ අපෙ රජකාරි පටන් ගත්තා, ඉතින් එක ගිනි කෙලියයි, නානව, සෙට් වෙනවා, සින්දු කියනවා, මාර ෆන්.

දන් අපි ඔක්කොම හරි ගානට, එතකොට අමලයා කියනවා..,

ඒයි මචාන්ස්.. අර බලපන්කෝ.. කොලපාට මිනිස්සු ටිකක්..

මුටනම් පිස්සුද මන්දා, ඇයි දෙයියනේ සුදු හරි කලු හරි කිව්වනම් හිතන්නවත් තිබ්බා, කොලපාට මිනිස්සු... දැන් මුට වැඩියි වගේ, වතුරෙවත් ඔබල ගන්න ඕනේ, සෙට් එකේ අදහස් ගොඩයි.

ටිකකින්..... හෆෝයි... මූ කියලා තියෙන්නෙ ඇත්තනේ, කොල පාට මිනිස්සු අපි ලගටම ඇවිත්, උන්ගෙ අතෙ බැජ් එකක ගහන් ඉන්නවා, ශ්‍රී ලංකා පොලෝසිය කියලා. කොහෙ දුවන්නනද, හිට ගන්නෙත් අමරුවෙන්.

ඉතින් අපි සෙට් එක අහු උනා, එතන මාර ආතල් කතාවක් තියනවා, එක පස්සෙ කියන්නම්, හැබැයි අපේ පූසායි, අකිලයයි පෙන්න නෑ. බලනකොට උන් දෙන්නා ඈත දුවනවා පේනවා. උන් බේරුන කියල අපි හිතුවට, පස්සෙ
දැන ගත්තේ පොලොසියට අහු උනානම් හොදයි කියල.. මොකද දන්නවද..

... ඉතින් ඩබල දුවගෙන කෙලින්ම මහ පාරට ගිහින්, එතකොටම ආපු බස් එකේ එල්ලිලා, හොද වෙලාවට කොලබ යන එකක්, නැග්ග ගමන්ම, පූසා වැන්දලු කොන්දට, අනේ බුදු අයියෙ, අපිව පොලොසියෙන් පන්නනවා,
මෙච්චරයි තියෙන්නෙ, අපිව ගිහින් දාන්න, කියල සාක්කුවේ තිබ්බ සල්ලි ටික දුන්නලු.

දැන් මිනිස්සුත් බලනවා, ඒ මදිවට, class යන කෙල්ලො සෙට් එකක් අන්තිම සීට් එකේ ඉදන් කින්ඩියක හිනාවෙනව..

ඒ ඔක්කොම හරි, ඊලගට කොන්දා කියපි.....
-
-
-
-
-

ආ.. මල්ලිල ඉතුරු සල්ලි...


හෆෝ.. මේ නරි දෙන්නා, කොන්දොස්තර අය්යට වැදලා තියෙන්නේ, අතේ වැඩිපුර සල්ලි තිබිල තියෙද්දි..